කවි කතාව
පසුගිය කොටසෙන්.................
කැවුම් කොකිස් මුං අතිරස හැඩදාලා
තුටින් නැකත එනතුරු පාවඩ දාලා
නැවුම් මනාලිය නෙතු කොන පිසදාලා
දුකින් පියා තුරුළේ,.. යයි හදදාලා
18 කොටස
හැදු වැඩු මව්පියන් සෙනෙහස පිරි නිවසේ
සමු ගෙන යන්න සැරසෙන මංගල දවසේ
ඉනු උණු කඳුළු පිය දෙනෙතේ නොම සිතුසේ
මිහිකත වැළඳ ගත්තේ නම් හොර රහසේ
බැබළෙන සුදට ඔසරිය ඉන වට පටලා
පෙරදින තිළිණ ලෙස ලද මුතු පට කරලා
මව සහ පියා පා වැඳ අවසර පතලා
පතිනිය ඔහුගෙ දෑතේ සෙනෙහෙනි එතිලා
මෙම පෙම් යුවල එක් කරනට තම දිවිය
පරදුව තබා අරගෙන දෑතට සවිය
නිදහස ලබා දුන'යුරු මනසෙහි මැවිය
අමතක කරන්නට හිත දිරියද නොවිය
පලමුව ගියේ මලයාගේ සොහොන වෙත
කරමින බලා සිටියාවූ සැම මවිත
කැකුළිය සමඟ ටිකිරද එක්කර දෙඅත
සුපැතුම වුනේ හමුවන්නට මතු දියත
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment