අප අපේ මයි නොවේ රහසක්
කතර දිවිමග තනිවි සිටිවිට
හමුවුනේ ඔබ ලෙසට කවියක්
නොසිතු විලසට වුනේ කිම මට
සදා නොබිඳෙන සෙනෙහෙ සවියක්
සුහද පෙම්වත නොයන් කිසිවිට
හැර දමා සිදු වුනිද වරදක්
සසර සරනා තුරා වේවා
හදවතට සුව ගෙනෙන ඔසුවක්
යනෙන මඟ තොට නිතර හමුවී
එයින් ලැබුවේ අමිල සතුටක්
ඇඟිලි ගනිමින සිහින මැව්වේ
එක හැලියෙ බත ඉදෙන දවසක්
පෙමට එරෙහිව කොතෙක් ආවද
සතුරු උවදුරු සමඟ කඳුලක්
සපත කරගමු වෙන් නොවන්නට
අප අපේ මයි නොවෙයි රහසක්
මුවින නෙක කට කතා පතුරා
දිනූ කිසිවෙකු ඇතිද මෙතුවක්
කෙලෙස වැටකොටු දමා සිරකර
තබමු හදවත පිබිඳු ඇල්මක්
ලතැවුලෙන් හද තෙරපනා සඳ
ලොවට සැඟවී හිඳිමු මොහොතක්
සොඳුරු ලෙන්ගතු වදන් හමුවේ
වුනි මෙමා පෙම් ලොවෙහි රැජිනක්
( මදු ඡන්දස - පුණුඅතිපුණු විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඉතාම සතුටුයි එවන් විදේශයකදි පවා අප රට දේ සිත් පහළ වීම ගැන..ඔබට කවිකමට පවුලෙ.සැමට සෙත් පතමි
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට. ඔබගේ වචන මට දිරියක්
Delete