Friday, December 3, 2021

අප අපේ මයි නොවේ රහසක්


 අප අපේ මයි නොවේ රහසක්

කතර දිවිමග තනිවි සිටිවිට
                  හමුවුනේ ඔබ ලෙසට          කවියක්
නොසිතු විලසට වුනේ කිම  මට
                  සදා නොබිඳෙන සෙනෙහෙ   සවියක්
සුහද පෙම්වත නොයන් කිසිවිට
                  හැර දමා සිදු වුනිද              වරදක්
සසර සරනා තුරා වේවා
                  හදවතට සුව ගෙනෙන        ඔසුවක්  

යනෙන මඟ තොට නිතර හමුවී
                   එයින් ලැබුවේ අමිල            සතුටක්
ඇඟිලි ගනිමින සිහින මැව්වේ
                    එක හැලියෙ බත ඉදෙන      දවසක්
පෙමට  එරෙහිව කොතෙක් ආවද 
                    සතුරු උවදුරු සමඟ          කඳුලක්
සපත කරගමු වෙන් නොවන්නට
                     අප අපේ මයි නොවෙයි      රහසක්

මුවින නෙක කට කතා පතුරා
                     දිනූ කිසිවෙකු ඇතිද         මෙතුවක්
කෙලෙස වැටකොටු දමා සිරකර
                     තබමු හදවත පිබිඳු            ඇල්මක්
ලතැවුලෙන් හද තෙරපනා සඳ
                      ලොවට සැඟවී හිඳිමු   මොහොතක්
සොඳුරු ලෙන්ගතු වදන් හමුවේ
                       වුනි මෙමා පෙම් ලොවෙහි රැජිනක්

( මදු ඡන්දස -  පුණුඅතිපුණු විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

2 comments:

  1. ඉතාම සතුටුයි එවන් විදේශයකදි පවා අප රට දේ සිත් පහළ වීම ගැන..ඔබට කවිකමට පවුලෙ.සැමට සෙත් පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට. ඔබගේ වචන මට දිරියක්

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.