සිතුවිලි මැදින් ...
රෝග බිය මැද
සලිත වූ සිත
සොයා සහනය
නිබඳ ......... තැවුනා
ඈත දුර සිට
එබී හිනැහෙන
කෝල දෙනුවන
මනසෙ ........ ඇඳුනා
රෑට සිහිනෙක
එතී සවනට
තුටගෙනා රස
කවිය ....... මුමුනා
පාන සෙනෙහස
බිඳුණු හදගැබ
සුවය තැවරුවෙ
සිසිල ............අමුණා
(මදු ඡන්දස - පුණුඅතිපුණු විරිත ඇසුරෙන්)
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~
එලු සදස් ලකුණ විරිත හඳුන්වා ඇති ආකාරය
අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
අපූරු පද පෙළක්...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට.
Deleteඅපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!
ReplyDeleteමේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!
අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!
බොහොම ස්තුතියි. මම ඔබවත් මගෙ බ්ලොග් එකට එකතු කර ගත්තා.
Delete