ලන්ද පිරිමැද හමන සිසිලස
වින්ද මුවඟට නැඟුනි මදහස
පුෂ්ප සහසක් පිරුණු තුරුහිස
දැක්ක සඳ සිත නිවුනි සරතැස
තුරින් තුර ඉඟිලෙනා සියොතුනි
සුමුදු මලකට පෙ'බැඳි බඹරුනි
වෙරළ සිඹිනා බුබුළු කැටියෙනි
තෙපි ගෙ තුට දැක මහද පිබිඳුනි
එතැයි ඔහු මෙහි නුදුරු දිනයක
රැගෙන සෙනෙහස තරමෙ වියතක
විඳිමු හද රැඳි මිහිර හමුවක
ලබමු මොහොතක සුවය සුසුමක
( දොඹ විරිත ඇසුරෙන්)
මාත්රා 14 කි.
මාත්රා 14 කි.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ඇර මාටින්! දොඹ විරිත?😮🤔😁
ReplyDeleteකොහොම වුනත් පද පේලි ගැලපනවා කියල. කියවන කොට තේරුනා. පෙ'බැඳි, තුට වගේ වචන ලොප් කරලා රිදම් එක රකින්න ඇහැකි බව ඉගෙන ගත්තා. ස්තූතියි.👌🙏