2 කොටස
අහවර කර සිටියි පාසැල් විය සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ නුහුරු
මදහස නැගෙයි දෙතොලට නොසිතන අයුරු
ගෙවනා කලට දිවි සිරවී තුළ නිවස
ලැබුනේ කුඩා රැකියාවකි නිවි පවස
යනෙනා අතර සේවෙට උදයෙද සවස
දුටුවේ කදිම කොලු ගැටයෙකි හැම දවස
හිසකෙය බොකුටු උඩු රැවුලද ඇති මුහුණ
උස සහ මහත ඊටම ගැලපෙන ලෙසින
හිනහෙන විටදි ආඩම්බර කම පෙරෙන
හමුවන සැමගෙ සිත යයි ඔහු වෙත නිතින
දෙදෙනම නෙත ගැටුණි යනඑන මඟ දෙපස
දෙනුවන රැඳුනු බැල්මෙන් අයදියි පහස
වටපිට බලා ලංවී දවසක සවස
මුමුණන ලදිය ඔහු සිත තෙරපෙන රහස
සුවඳක් විහිදුවයි විකසිත වුනු කුසුම
බඹරුන් ඇදෙයි එදෙසට නොමවෙනු පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු සුසුම
මතු සම්බන්ධයි.........
~~ ලියෝනි අමරතුංග ~~
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
Nice poem with cool voice.
ReplyDeleteබොහොම ස්තුතියි ඒ දෙන දිරියට
Delete