Monday, November 9, 2020

සඳලතා 2


සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~


 

 

2 කොටස


අහවර කර සිටියි පාසැල් විය              සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි       ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ              නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන      අයුරු 

ගෙවනා කලට දිවි සිරවී තුළ                 නිවස
ලැබුනේ කුඩා රැකියාවකි නිවි                පවස
යනෙනා අතර සේවෙට උදයෙද              සවස
දුටුවේ කදිම කොලු ගැටයෙකි හැම          දවස

හිසකෙය බොකුටු උඩු රැවුලද ඇති        මුහුණ
උස සහ මහත ඊටම ගැලපෙන            ලෙසින
හිනහෙන විටදි ආඩම්බර කම            පෙරෙන
හමුවන සැමගෙ සිත යයි ඔහු වෙත       නිතින

දෙදෙනම  නෙත ගැටුණි යනඑන මඟ     දෙපස
දෙනුවන රැඳුනු බැල්මෙන්  අයදියි          පහස
වටපිට බලා ලංවී දවසක                     සවස
මුමුණන ලදිය ඔහු සිත තෙරපෙන         රහස

සුවඳක් විහිදුවයි විකසිත වුනු                 කුසුම
බඹරුන් ඇදෙයි එදෙසට නොමවෙනු        පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම                රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු              සුසුම


මතු සම්බන්ධයි.........



මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.


👈  1 කොටසට 

👉  3 කොටසට   


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

2 comments: