සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....
~~ සඳලතා ~~
6 කොටස
ලසොවින් හඬන තම බොළඳිය සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක ඉපදීලා
"සැමටම රහසෙ අපි ගෙදරින් පැන ගනිමු
මගෙ මව වෙසෙන ගම වෙත හනිකට ඇඳෙමු
නුදුරෙම දිනෙක මංගල ජය ගොස නගමු
සැලසුම නොබිඳ සිත සතුටින් මුණ ගැසෙමු "
මව සහ පියා එනු පෙර දිව ගියෙ ගෙදර
ඇති වැඩ සැමද නිම කර සෝදා සිරුර
රෙදි පිළි අසුරලා එනු පෙර ගණ අඳුර
සඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය මිතුර
දැවෙමින් නිවස තුල හෙලමින් සුසුම් දිග
සිතමින් ගත කලා කෙළිලොල් පැතුම් දඟ
අවසන් දවස් දෙක තම මව් පියන් ළඟ
කඳුලින් බොඳ කළා නිල්වන් නුවන් යුග
කොලුවා පැමිණි වාහනයේ හඬ ඇහිලා
සියලුම අවැසි දේ ගෙන පෙර තැබු ඔතලා
සුවසේ නිදන මව්පිය පා යුග වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම ඇරලා
මතු සම්බන්ධයි.........
ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
👈 5 කොටසට
👉 7 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

රෙදි පිළි අසුරලා එනු පෙර ගණ අඳුර
ReplyDeleteසඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය මිතුර ..... නියමයි .....
බොහොම ස්තුතියි අනුරුද්ධ ඔබට.
Delete