Friday, November 27, 2020

සඳලතා 6

 

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 


 

  

6 කොටස

 

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා 


"සැමටම රහසෙ අපි ගෙදරින් පැන        ගනිමු
මගෙ මව වෙසෙන ගම වෙත හනිකට   ඇඳෙමු
නුදුරෙම දිනෙක මංගල ජය ගොස         නගමු 
  සැලසුම නොබිඳ සිත සතුටින් මුණ      ගැසෙමු "

මව සහ පියා එනු පෙර දිව ගියෙ         ගෙදර
ඇති වැඩ සැමද නිම කර සෝදා          සිරුර
රෙදි පිළි අසුරලා එනු පෙර ගණ           අඳුර
සඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය           මිතුර

දැවෙමින් නිවස තුල හෙලමින් සුසුම්        දිග
සිතමින් ගත කලා කෙළිලොල් පැතුම්      දඟ
 අවසන් දවස් දෙක තම මව් පියන්          ළඟ 
කඳුලින් බොඳ කළා නිල්වන් නුවන්         යුග

කොලුවා පැමිණි වාහනයේ හඬ           ඇහිලා
 සියලුම අවැසි දේ ගෙන පෙර තැබු        ඔතලා 
සුවසේ නිදන මව්පිය පා යුග               වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම       ඇරලා

මතු සම්බන්ධයි.........


~~ ලියෝනි අමරතුංග ~~

 

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.



2 comments:

  1. රෙදි පිළි අසුරලා එනු පෙර ගණ අඳුර
    සඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය මිතුර ..... නියමයි .....

    ReplyDelete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.