4 කොටස
කාලය ගෙවෙන සඳ මෙලෙසට නොදැනීම
මෝරන සෙනෙහෙ පිබිදුනි හද පතුලේම
ආගිය මගෙහි සුරතෙහි වෙලි සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි රහසේම
වැඩිහිටි ඇකයෙ හුරතලයට සිටි දැරිවි
අග මුල නොදත් ආදරයක ඇත සිරවි
ගතවන සෑම මොහොතම හද තුළ ගුලිවි
ඇති රුව සොයා වෙහෙසෙයි ලොවටම සැඟවි
සවසට පැමිණි කල තම දියණිය ගෙදර
මදහස නගයි සතපා දෙනයන අඹර
සොයනට යෙදුන කල එය හෙමිහිට කොඳුර
සැලවෙන ලදිය සඟවන පෙම්බර ඇසුර
කලබල වෙලා මව් පිය දෙදෙනම විගසේ
සොයනට පෙළඹුනේ තොරතුරු හොර රහසේ
මුළු දවසේම ඇවිදින තැන තැන සිතුසේ
කෙනෙකුලු ගැලපුනේ නැත පවුලට රිසිසේ
අසරණ මව් පියන් තම හදවත රිඳිලා
"ඔහු අත හරිනු" කීවේ තරහෙනි බැනලා
මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස අඬලා
මතු සම්බන්ධයි.........
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
👈 3 කොටසට
👉 5 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

No comments:
Post a Comment