~~ ආගමනය ~~
කලක නිහඩ බව
බිදිමින මගේ තුන් හිත
ගොතමින රස පද
යලිදු පැමිනෙමි මිතුරු කැල වෙත
ගෙවුණු කාලය තුල
සොයමින මගේ වතගොත
කවියට අත හිත
පැතු සැමට තුති පුදමි අදරින
යලි නොගොස් ඇතට
රැදෙමින ඔබේ හිත ළඟ
නව පද ගොතනට
දෙනු මැන සහය නොවී පසුබට
( පියුම් ගී විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
වසම්හි අටමත්
සම පෙදේ ඇර තුදුරෙන්
මතෙක්හළිති බඳු යේ
පියුම් නම් වේ හෙ මෙසේ.
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
ඔබේ අළුත් කවි කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ.
Deleteනිර්මාණාත්මක රස පදවැල් පහස විඳින්නට ලැබේවා!
ReplyDeleteබොහොම ස්තුතියි. එය එසේම වේවා කියා පතමි.
Deleteදිගටම නිර්මාණ ඉදිරිපත් කරමු. අගෙයි 🙏
ReplyDeleteකයි විරිතෙ විස්තරයත් දැම්ම එක මරැ!
Deleteබොහොම ස්තුතියි. දිගටම ඉන්න තමා හිතා ගෙන ඉන්නේ.