නෙත් අඳ මුත් හදවතින් ලොව දිටිමි..
පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන හැටි
මනසින දකිමි මතුපිට රැදි තුෂර කැටි
සවනත පිනයි බඹරුන් නද අවට සිටි
දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ කෙටි
පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති රැල
වාගෙලු ගගන තල රඟනා සකුණ කැල
ගීතය හද පිනයි දැකුමට නොහැකි කල
මා ළය නිති පෙළයි වැලපෙනු කුමට පල
ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ රඟ
ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ දඟ
හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ ළඟ
හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ හිඟ
හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත එකසේ
ලතවුනි දිය බිඳිති දැහනට සම වැදිසේ
සියොළඟ සලිත කර මිහිමත සිප රිසිසේ
නද නගමින්ම මහ වැසි උපදින විලසේ
ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන උදේ
කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන ලදේ
පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන නදේ
වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ හදේ
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

හොඳයි. 👌
ReplyDeleteමේකත් ලස්සන කවි පන්තියක්, අපූරු අතීත මතක ආවර්ජනයක්:
https://malsithroo.blogspot.com/2026/07/blog-post.html
බොහෝම ස්තුතියි ඔබට.
Deleteඔබ පෙන්වූ මන් සලකුණු ඔස්සේ ගියා. තව ලස්සන කවි පෙළක් කියවන්න. එකටත් ස්තුතියි ඈ.
ඔන්න ලියෝනි ඔයාගේ ආරාධනය අනුව සිතිවිලි මං පෙතට ගොඩ වැදුණා. හදවතට වදින කවියක්. ඒක මට මතක් කළේ "මල් ලස්සනයි හොඳ හොඳ පාටයි" කීවා කවිය.
ReplyDeleteබොහොම ස්තුතියි. සොයුරිය මගේ නිවසට පිවිස සටහනක් තබා ගියාට.
Deleteඔන්න ලියෝනි ඔයාගේ ආරාධනය අනුව සිතිවිලි මං පෙතට ගොඩ වැදුණා. හදවතට වදින කවියක්. ඒක මට මතක් කළේ 'මල් ලස්සනයි හොඳ හොඳ පාටයි' කවි පෙළ.
ReplyDeleteබොහොම ස්තුතියි. සොයුරිය මගේ නිවසට පිවිස සටහනක් තබා ගියාට. ඉදිරියේදී තව තව කවි රස විඳින්න අපි හමු වෙමු.
Deleteමේ කවි පන්තිය ලස්සනයි . //වාගෙලු ගගන තල රඟනා සකුණ කැල// මේක
ReplyDeleteමේකත් හරියටම කියනවා වැස්ස වහින කොට එක අප්‍රටම එන හැඟීම - හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත එකසේ
ReplyDeleteලතවුනි දිය බිඳිති දැහනට සම වැදිසේ
සියොළඟ සලිත කර මිහිමත සිප රිසිසේ
නද නගමින්ම මහ වැසි උපදින විලසේ