Saturday, July 4, 2026

හදවතින් දුටු සොබා දහම (ශනිදා දහයට)

 

නෙත් අඳ මුත් හදවතින් ලොව දිටිමි..


පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන     හැටි

මනසින දකිමි මතුපිට රැදි තුෂර         කැටි

සවනත පිනයි බඹරුන් නද අවට          සිටි

දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ  කෙටි


පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති     රැල

වාගෙලු ගගන තල රඟනා සකුණ        කැල

ගීතය හද පිනයි දැකුමට නොහැකි        කල 

මා ළය නිති පෙළයි වැලපෙනු කුමට      පල


ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ       රඟ

ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ      දඟ

හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ        ළඟ

හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ    හිඟ


හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත      එකසේ

ලතවුනි දිය බිඳිති දැහනට සම         වැදිසේ

සියොළඟ සලිත කර මිහිමත සිප     රිසිසේ

නද නගමින්ම මහ වැසි උපදින         විලසේ


ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන      උදේ

කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන       ලදේ

පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන      නදේ

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ        හදේ


~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

10 comments:

  1. හොඳයි. 👌

    මේකත් ලස්සන කවි පන්තියක්, අපූරු අතීත මතක ආවර්ජනයක්:
    https://malsithroo.blogspot.com/2026/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබට.
      ඔබ පෙන්වූ මන් සලකුණු ඔස්සේ ගියා. තව ලස්සන කවි පෙළක් කියවන්න. එකටත් ස්තුතියි ඈ.

      Delete
  2. ඔන්න ලියෝනි ඔයාගේ ආරාධනය අනුව සිතිවිලි මං පෙතට ගොඩ වැදුණා. හදවතට වදින කවියක්. ඒක මට මතක් කළේ "මල් ලස්සනයි හොඳ හොඳ පාටයි" කීවා කවිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සොයුරිය මගේ නිවසට පිවිස සටහනක් තබා ගියාට.

      Delete
  3. ඔන්න ලියෝනි ඔයාගේ ආරාධනය අනුව සිතිවිලි මං පෙතට ගොඩ වැදුණා. හදවතට වදින කවියක්. ඒක මට මතක් කළේ 'මල් ලස්සනයි හොඳ හොඳ පාටයි' කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සොයුරිය මගේ නිවසට පිවිස සටහනක් තබා ගියාට. ඉදිරියේදී තව තව කවි රස විඳින්න අපි හමු වෙමු.

      Delete
  4. මේ කවි පන්තිය ලස්සනයි . //වාගෙලු ගගන තල රඟනා සකුණ කැල// මේක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. වචනයක් වචනයක් පාසා කවිය රසවිඳ ඇති බවත් තේරුනා.

      Delete
  5. මේකත් හරියටම කියනවා වැස්ස වහින කොට එක අප්‍රටම එන හැඟීම - හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත එකසේ

    ලතවුනි දිය බිඳිති දැහනට සම වැදිසේ

    සියොළඟ සලිත කර මිහිමත සිප රිසිසේ

    නද නගමින්ම මහ වැසි උපදින විලසේ

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ... අපි නම් මේ ටික විඳින ගමන් දැකගන්නත් පුළුවන් නේ. එත් දෑස නොපෙනෙන කොට විඳීම විතරමයි.

      Delete