Saturday, July 25, 2026

නොනිමි මතක දහර - (ශනිදා දහයට)



සයුරු රළ පෙළ සිහින         සඟවා

නොඑන ලෙස යලි දුරක      යනවා

පිපෙන පෙණ පිඩු සිසිල        රදවා

සිනිදු දෙපයට සුවය            සැදුවා


නැගෙන මතකය මහද        රිදවා

පෙළන නෙතුකොණ කඳුළු   පුරවා

තෙපලු වදනට අරුත          බඳවා

පුදන ලද පෙම කොහෙද     ඇසුවා


ගිලෙන සැඩ හිරු  කියන  කොඳුරා

රහස හෙමිහිට හදෙහි        අතුරා

සිහින පොකුරක සිතුසෙ      අසුරා

නුඹගෙ තුරුලට එවමි          ඉඳුරා

(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )


~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

21 comments:

  1. ඔබේ කවි ආසාවෙන් කියවනවා . පුළුවන් නම් විරිත් ගැන තියෙන ඔබේ දැනුම ගී සහ කවි උදාහරණ එක්ක ලිපි පෙළක් විදිහට ලියන්න .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරය ට. ඉදිරියේදී උත්සාහ කර බලමු නේද?

      Delete
    2. ඉතා හොඳ අදහසක්

      Delete
    3. බොහෝම ස්තූතියි ඔබ තුමාට මගේ සිතිවිලි නිවසට පිවිස අදහසක් තබා ගියාට.
      ඔව් අපි ඉදිරියේදි කරන්න බලමු නේද?

      Delete
    4. අගේ ඇති අදහසක්. එහෙම එකක් ලියනව නං, තව දාහක් වටිනවා.💐

      Delete
    5. බොහෝම ස්තූතියි ඔබේ ප්‍රචාරය ට. ඔව් ඉදිරියේදී බලමුකෝ නේද?

      Delete
    6. ඔව් ඉදිරියේදී ඒ වගේ විරිත් ගැන පොඩි විග්‍රහයක් ගෙන එන්න බලමු. බොහොම ස්තුතියි D.G.M බස්සා ට මගේ සිතිවිලි නිවහනට ගොඩ වැදී ප්‍රතිචාර දැක්වුවාට.

      Delete
    7. ගල්මල් බොහොම ස්තුතුතියි. මගේ සිතිවිලි නිවහනට ගොඩ වුනාට්. ඔව් ඉදිරියේදී මොකක් හරි කරන්න බලමු. මම හරිම සතුටුයි මගේ බ්ලොග් එකට පිවිස මගේ කවි රස විඳින ගමන් ම මොනාම හරි දෙයක් ඉගෙන ගන්නවා නම්.

      Delete
  2. යයුරු රළ පෙළ ඔබව සඟවා

    නැවත මා වෙත පැමිණ යනවා

    රත් පැහැති හිරු සිසිල සඟවා

    මගේ හදවත දවා යනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම අපූරුයි ඒ කවි සංකල්පනාව. මගේ සිතිවිලි නිවසට පැමිණ කවි ඇසින්ම කවි ගලපන ඔබට මගේ ප්‍රණාමය

      Delete
  3. 'යයුරු' කියලා වචනයක් තියනවද? නැත්නම් 'සයුරු' වෙන්න ඕනැද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට මගෙ නිවහනට පිවිස ප්‍රතිචාර දැක්වූවාට සහ එහි ඇති වරද පෙන්වා දුන්නාට. ඔව් සයුරු කියලා තමා වෙන්න ඕනෙ. ඒක මගේ පොඩි අතපසු වීමක්.

      Delete
    2. යයුරු පදය මොනවා හෝ සාහිත්‍ය කවි සංග්‍රහයක යොදා ඇති බව මතකයි, ඒත් ටයිටලය මතක නැහැ.

      යුරු කියන පදය අයුරු, මෙන්, සේ කියන අරුතින් යෙදෙනවා
      “රිවිබිම්බා යුරු” (හිරු මඬුල්ල වැනි)
      “රියසක යුරු” (රෝදයක් වැනි)

      Delete
    3. ගල්මල් ඔයා හරි.... ඔබේ විග්‍රහයට බොහොම ස්තුතියි. එත් මගේ මේ කවියේ විදිහට මට උවමනා කරන වචනය සයුරු කියන එක. ඒත් පොඩි ප්‍රමාද දෝෂයකින් මට එක ලියවිලා තියෙන්නේ යයුරු කියලා. මම එක නිවැරදි කළා.

      Delete
  4. අගෙයි... 🌷
    මෙහෙම සරලවට වචන අමුණන එකනම් මට මහා අමාරැ වැඩක් ☹️😶

    ReplyDelete
    Replies
    1. ආ.... නේ... මම ඉතින් දුප්පතා නේ. මට තියෙන වචන ටික තමා මම දමන්නේ. සමහර සිංහල වචන අමතක වෙලා වගේ.
      බොහෝම ස්තූතියි මගේ සිතිවිලි නිවසට පැමිණ ප්‍රතිචාර දැක්වූවාට

      Delete
    2. නෑ නෑ මම කීවේ කවියක් කොයිම විදිහකින්වත් මට ලියාගන්ට බෑ කියලයි.
      මේ කවි සරලයි කියල කීවේ සමහර අය කවි ලියනව බර වචන දාල කාව්‍යමය ගතියකුත් නෑ. ඒ නැතත්, ඒවායේ තේරුමක් මට තේරෙන්නෙත් නෑ 😂. බරසාර බව හිතාන මේන්ටේන් කිරීමක් තියෙනව... එක කොට්ඨාසයකගෙ.

      මේ කවි සරලයි කීවේ සිල්ලරයි කියලනං නෙමේ ඕන් 🙂. කියවීමේ පහසුව සහ කාව්යාම බව ඉහළයි කියලයි!

      Delete
    3. අනේ..නමි තුමෝ වරදවා හිතන්න එපා. මම එහෙම හිතුවා නෙමෙයි. මට තේරුනා ඔබේ අදහස. ඔව් මමත් එකඟයි ඔබේ අදහසට. සමහර කවි තියෙනවා ඒවායේ තියෙන්නේ ඉතාම බර වචන. එත් මම කවි ලියන්නේ සාමාන්‍ය ඕනෙම කෙනෙකුට තේරෙන විදිහට. මමත් සරල කෙනෙක් නේ.

      Delete
  5. කවි පෙල රහයි, ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මගේ සිතිවිලි නිවහනට පිවිස මගේ කවි රස වින්ද මෙසේ සටහනක් තබා ගියාට.

      Delete