සයුරු රළ පෙළ සිහින සඟවා
නොඑන ලෙස යලි දුරක යනවා
පිපෙන පෙණ පිඩු සිසිල රදවා
සිනිදු දෙපයට සුවය සැදුවා
නැගෙන මතකය මහද රිදවා
පෙළන නෙතුකොණ කඳුළු පුරවා
තෙපලු වදනට අරුත බඳවා
පුදන ලද පෙම කොහෙද ඇසුවා
ගිලෙන සැඩ හිරු කියන කොඳුරා
රහස හෙමිහිට හදෙහි අතුරා
සිහින පොකුරක සිතුසෙ අසුරා
නුඹගෙ තුරුලට එවමි ඉඳුරා
(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග, හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
ඔබේ කවි ආසාවෙන් කියවනවා . පුළුවන් නම් විරිත් ගැන තියෙන ඔබේ දැනුම ගී සහ කවි උදාහරණ එක්ක ලිපි පෙළක් විදිහට ලියන්න .
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ ප්රතිචාරය ට. ඉදිරියේදී උත්සාහ කර බලමු නේද?
Deleteඉතා හොඳ අදහසක්
Deleteබොහෝම ස්තූතියි ඔබ තුමාට මගේ සිතිවිලි නිවසට පිවිස අදහසක් තබා ගියාට.
Deleteඔව් අපි ඉදිරියේදි කරන්න බලමු නේද?
අගේ ඇති අදහසක්. එහෙම එකක් ලියනව නං, තව දාහක් වටිනවා.💐
Deleteබොහෝම ස්තූතියි ඔබේ ප්රචාරය ට. ඔව් ඉදිරියේදී බලමුකෝ නේද?
Deleteඅගේ ඇති අදහස.
Deleteඔව් ඉදිරියේදී ඒ වගේ විරිත් ගැන පොඩි විග්රහයක් ගෙන එන්න බලමු. බොහොම ස්තුතියි D.G.M බස්සා ට මගේ සිතිවිලි නිවහනට ගොඩ වැදී ප්රතිචාර දැක්වුවාට.
Deleteගල්මල් බොහොම ස්තුතුතියි. මගේ සිතිවිලි නිවහනට ගොඩ වුනාට්. ඔව් ඉදිරියේදී මොකක් හරි කරන්න බලමු. මම හරිම සතුටුයි මගේ බ්ලොග් එකට පිවිස මගේ කවි රස විඳින ගමන් ම මොනාම හරි දෙයක් ඉගෙන ගන්නවා නම්.
Deleteයයුරු රළ පෙළ ඔබව සඟවා
ReplyDeleteනැවත මා වෙත පැමිණ යනවා
රත් පැහැති හිරු සිසිල සඟවා
මගේ හදවත දවා යනවා
බොහෝම අපූරුයි ඒ කවි සංකල්පනාව. මගේ සිතිවිලි නිවසට පැමිණ කවි ඇසින්ම කවි ගලපන ඔබට මගේ ප්රණාමය
Delete'යයුරු' කියලා වචනයක් තියනවද? නැත්නම් 'සයුරු' වෙන්න ඕනැද?
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට මගෙ නිවහනට පිවිස ප්රතිචාර දැක්වූවාට සහ එහි ඇති වරද පෙන්වා දුන්නාට. ඔව් සයුරු කියලා තමා වෙන්න ඕනෙ. ඒක මගේ පොඩි අතපසු වීමක්.
Deleteයයුරු පදය මොනවා හෝ සාහිත්ය කවි සංග්රහයක යොදා ඇති බව මතකයි, ඒත් ටයිටලය මතක නැහැ.
Deleteයුරු කියන පදය අයුරු, මෙන්, සේ කියන අරුතින් යෙදෙනවා
“රිවිබිම්බා යුරු” (හිරු මඬුල්ල වැනි)
“රියසක යුරු” (රෝදයක් වැනි)
ගල්මල් ඔයා හරි.... ඔබේ විග්රහයට බොහොම ස්තුතියි. එත් මගේ මේ කවියේ විදිහට මට උවමනා කරන වචනය සයුරු කියන එක. ඒත් පොඩි ප්රමාද දෝෂයකින් මට එක ලියවිලා තියෙන්නේ යයුරු කියලා. මම එක නිවැරදි කළා.
Deleteඅගෙයි... 🌷
ReplyDeleteමෙහෙම සරලවට වචන අමුණන එකනම් මට මහා අමාරැ වැඩක් ☹️😶
ආ.... නේ... මම ඉතින් දුප්පතා නේ. මට තියෙන වචන ටික තමා මම දමන්නේ. සමහර සිංහල වචන අමතක වෙලා වගේ.
Deleteබොහෝම ස්තූතියි මගේ සිතිවිලි නිවසට පැමිණ ප්රතිචාර දැක්වූවාට
නෑ නෑ මම කීවේ කවියක් කොයිම විදිහකින්වත් මට ලියාගන්ට බෑ කියලයි.
Deleteමේ කවි සරලයි කියල කීවේ සමහර අය කවි ලියනව බර වචන දාල කාව්යමය ගතියකුත් නෑ. ඒ නැතත්, ඒවායේ තේරුමක් මට තේරෙන්නෙත් නෑ 😂. බරසාර බව හිතාන මේන්ටේන් කිරීමක් තියෙනව... එක කොට්ඨාසයකගෙ.
මේ කවි සරලයි කීවේ සිල්ලරයි කියලනං නෙමේ ඕන් 🙂. කියවීමේ පහසුව සහ කාව්යාම බව ඉහළයි කියලයි!
අනේ..නමි තුමෝ වරදවා හිතන්න එපා. මම එහෙම හිතුවා නෙමෙයි. මට තේරුනා ඔබේ අදහස. ඔව් මමත් එකඟයි ඔබේ අදහසට. සමහර කවි තියෙනවා ඒවායේ තියෙන්නේ ඉතාම බර වචන. එත් මම කවි ලියන්නේ සාමාන්ය ඕනෙම කෙනෙකුට තේරෙන විදිහට. මමත් සරල කෙනෙක් නේ.
Deleteකවි පෙල රහයි, ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට. මගේ සිතිවිලි නිවහනට පිවිස මගේ කවි රස වින්ද මෙසේ සටහනක් තබා ගියාට.
Delete