Tuesday, April 13, 2021

ඔබ සැමට සාමය සතුට සපිරි සිංහල අළුත් අවුරුද්දක් වේවා!



 


 

ඔබ සැමට සාමය සතුට සපිරි සිංහල අළුත් අවුරුද්දක් වේවා!

ඉපදුන බාල විය ගතකළ සොඳුරු         බිමයි
නෙක ඵල වැලින් පෝෂිත පින්සාර     කෙතයි
වඳුලේ රඟන සියොතුන්ගේ මිහිරි         නදයි
දෙනයන පිනයි මගෙ හදවත සලිත      කරයි

නිලඹර වලාවන් රූ සිතුවම්                 මවන
    සිසිලස ගෙනෙන නෙක තුරු නළවන     පවන    
කිරිවැදි බන්ඩි ගොයමද දෙනයන        පිනන
පිවිතුරු ගැමි සුවඳ ඇතිදෝ වෙන    කොතැන

සවනත පිනන රස හඬ මැව් උණ         පඳුරු
         දැහැනත බිඳියි හෙමිහිට දෙසවන        තැවරු         
එරබදු මලින් පිරි මනරම් දොළ            ඉවුරු
මතුකළ හැඟුම කරනට නොහැකිය      අකුරු

මවමින් සිරිය කොවුලා රඟදෙයි         සිත්සේ
දසතින් හඬයි ගිනි කෙළි තුන් යම      තිස්සේ
එබිකම් කරයි මුං ගුලි දුම උඩ           මැස්සේ
රඹකැන් තුටිනි ගහකින් හෙමිහිට      බැස්සේ

කෝවිලෙ, පල්ලියේ, පන්සලෙ බුදු        මැදුරේ
නාදෙන් ඔකඳවූ මිහිරෙන් කිරි             ඉතිරේ
ජීවන ගමන සව් සත වෙත සෙත        පැතිරේ
මේ සුභ පැතුම් ඔබ සැමටයි මගෙ        මිතුරේ


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 


No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.