නුඹේ ආදරේ
ඉරිතලා දිවි සයුර අසරණ - විටදි හමුවුණි ලෙසට කවියක්
වියළිලා මිය ඇඳුණු අරණක - මතු කලේ තඹ ළපලු හෙවනක්
හිනැහිලා රළු පරළු හදගැබ - තුළට මැව්වේ නොපැතු පැතුමක්
සඟවලා නුඹ අමිල සෙනෙහස - හිමියනේ කොහි සිටියෙ මෙතුවක්
දෙනෝ දහසක් අතර සිටියද - කොඳුරනා පෙම් වැකිය දෙඇසින්
රැදේ ගැඹුරුම තැනෙහි හදගැබ - සදා නොමැකෙන විලස රහසින්
බිඳේ තනිකම නැගේ මදහස - ලබා දෙන පෙම්වත් වු පහසින්
නැතේ කිසිදින ඉතින් කඳුළැලි - විඳින තුරු දිවි තුරුලෙ සතොසින්
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
No comments:
Post a Comment