Saturday, May 8, 2021

මව්වරුන්ගේ දින උපහාරය.

  ආදර අම්මා


 
 
 
 
 
ආදර අම්මා සිහිකරමි ආදරෙන්

දස මාසයක් කුස තුළ බඳිමින      
   පවුරු
රැක සනසවා ගයමින් ගී රස           මියුරු
පිදු සෙනෙහසින් හද තුළ ගුණ කඳ තැවරු
මගෙ ලොව රැජින අම්මේ ඔබ මිස  කවුරු

යලි යලි පෙරට තබනට පා පොඩි    සුමට
වැටි වැටි නැගිටි පෙරදින අත දී   මෙමට
දින දින වැඩෙන'යුරු දැක ඉපිලෙන සතුට
විඳ විඳ තුරුළු කර ගත්තේ නුඹෙ   ළයට 

පෙළු අපමණ ගැහැට මැද පිස දුක  කඳුළ
ඔබ වැළපුනා රහසේ තනිවම          එකල
අසරණ දිවිය සඟවා හදවත           පතුල
සිහි වෙයි අනඟි ඔවදන් අදරින     තෙපල

සමුගෙන ගියද තනිකර ලෙන්ගතු  හදවත්
සිහියට නැගෙයි අදරැති මුදු වත   සිපගත් 
දෙනෙතට බරය ඉනු උණු කඳුලැලි තවමත්
මගෙ මව වනු මැනවි මතු උපදින සසරෙත්


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 

No comments:

Post a Comment