Friday, May 14, 2021

හදේ කොතැනක හෝ ඉඳියි ඔබ.....

 

රාත්‍රී අහසේ සැඟව සිනාසෙන සඳවත දුටුවිට
මට සිහිවුනේ ඔබවයි....
ඔව් ඔබව මයි..
මගේ හිත ඉඟිළ ගියේ..
ඔබවම සොයාගෙනයි....
උපනුපන් ආත්මයේ මගේම වනු මැන.

~~~~~


මුතු දසන් පෙළ විදා හෙමිහිට කෝල බැල්මක් නෙතින් හැලුනා
මුව නොකී එම වදන් ඇවිදින් මගේ හද මත හෙමින්     ඇලුනා
සසර පෙර මඟ පතා එන්නැති කියා නිතරම හිතට      දැනුනා
සයුරු රළ මත මුදා හල මුදු සිනා නොපෙනෙන දුරට    ඇදුනා

කවුරු කෙලසක කීව මුත් මගෙ රන් කඳට බැඳි නිමල  හදවත
මටම කීකරු නොවී වියරුව සැරි සරයි රුව සොයා     මිහිමත
සැඟව රතඹර දෙසින් ඔච්චම් කරන සඳ පෙම්බරවු     සඳවත
හැඟුම් විසිරී ගියේ නොදැනිම සිහිවෙලා වත කමල      විකසිත


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment