රාත්‍රී අහසේ සැඟව සිනාසෙන සඳවත දුටුවිට
මට සිහිවුනේ ඔබවයි....
ඔව් ඔබව මයි..
මගේ හිත ඉඟිළ ගියේ..
ඔබවම සොයාගෙනයි....
උපනුපන් ආත්මයේ මගේම වනු මැන.
~~~~~
මුතු දසන් පෙළ විදා හෙමිහිට කෝල බැල්මක් නෙතින් හැලුනා
මුව නොකී එම වදන් ඇවිදින් මගේ හද මත හෙමින් ඇලුනා
සසර පෙර මඟ පතා එන්නැති කියා නිතරම හිතට දැනුනා
සයුරු රළ මත මුදා හල මුදු සිනා නොපෙනෙන දුරට ඇදුනා
කවුරු කෙලසක කීව මුත් මගෙ රන් කඳට බැඳි නිමල හදවත
මටම කීකරු නොවී වියරුව සැරි සරයි රුව සොයා මිහිමත
සැඟව රතඹර දෙසින් ඔච්චම් කරන සඳ පෙම්බරවු සඳවත
හැඟුම් විසිරී ගියේ නොදැනිම සිහිවෙලා වත කමල විකසිත
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
No comments:
Post a Comment