නෙත් සර
රෑ කල හේනට ගාටන වේලේ
ඈ දැක පෑ හිත ආදර තාලේ
කෝල සිනා පැටලී නෙතු දෑලේ
කීවෙ කතා බිඳ දා හද සීලේ
ආවට භාදක නෑ පිටු පෑවේ
නෑනගෙ ආලය මාහට වූවේ
මී බිඳු වෑහෙන මල්බර ජීවේ
සෝදුක නෑ හද පෙම් රස යාවේ
සාරිය අන්දල පෝරුව මත්තේ
දෑඟිලි බන්දල අෂ්ටක නැත්තේ
රාගික නිල්මිණි නෙත් සර මත්තේ
ආදර රන්කඳ ළංකර ගත්තේ
( ගජ ඡන්දස - තරඟවැල විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
බ ගණ තුණින් දෙ ගුරින්
බඳුයේ තරඟවැල නම්.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

No comments:
Post a Comment