Wednesday, January 14, 2026

හද ගිලේ ශෝකේ

ආලයක්     හින්දා 

පෝරුවක්   බන්දා 

නෑන වත්  කැන්දා 

සීලයත්      බින්දා 

ඈ එදා      බාලේ 

හා කියූ     තාලේ 

දැක්වු පෙම් ලීලේ 

කෝ මෙදා  රාලේ 

සීනයක්     වාගේ 

දැන් අපේ    දීගේ 

නෑ දැනී     රාගේ 

දෝසෙදෝ කාගේ 

කාලයක්  තිස්සේ

වේදනා    අස්සේ

ආදරේ    වැස්සේ

නෑ තෙමී  සිත්සේ

'ප්‍රීති  විරිත' ඇසුරෙන් පබඳින ලද්දකි. පාදයකට ර - ගණය සහ ගුරු අක්ෂර දෙකකි.

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

1 comment:

  1. ඒක මරු , ටිකක් හයිකු වගේ කෙටි කවි . ඒ වුනාට අදහස දෙනවා

    ReplyDelete