Wednesday, January 14, 2026

හද ගිලේ ශෝකේ



ආලයක්     හින්දා 

පෝරුවක්   බන්දා 

නෑන වත්  කැන්දා 

සීලයත්      බින්දා 


ඈ එදා      බාලේ 

හා කියූ     තාලේ 

දැක්වු පෙම් ලීලේ 

කෝ මෙදා  රාලේ 


සීනයක්     වාගේ 

දැන් අපේ    දීගේ 

නෑ දැනී     රාගේ 

දෝසෙදෝ කාගේ 


කාලයක්  තිස්සේ

වේදනා    අස්සේ

ආදරේ    වැස්සේ

නෑ තෙමී  සිත්සේ

(ප්‍රීති  විරිත ඇසුරෙන්) 

 පාදයකට ර - ගණය සහ ගුරු අක්ෂර දෙකකි.

~*~

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

4 comments:

  1. ඒක මරු , ටිකක් හයිකු වගේ කෙටි කවි . ඒ වුනාට අදහස දෙනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබට පුරුදු පරිදි අදත් මගේ සිතිවිලි නිවසට ගොඩ උනාට. මේකත් විරිතකට ලියූ කවියක්.

      Delete
  2. හද ගිලේ අම මිහිරේ කියලා මොහිදීන් බෙග් ගේ සිංදුවක් තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද මටත් පොඩි මතකයක් තියෙනවා. එත් මේක මිහිරක් නොව වේදනාවක් ලද අවස්තාවක්.
      බොහොම ස්තුතියි සුපුරුදු පරිදි මගේ සිතිවිලි නිවසට පැමිණ සටහනක් තැබුවාට.

      Delete