Wednesday, July 7, 2021

අහිමි සෙනෙහස


 අහිමි සෙනෙහස

දයා සුව රැඳුනු සෙහෙනස සොයා   වෙහෙසුනේ
කියා ගනු නොහැකි සිතිවිලි ළයේ     තෙරපුනේ
නිමා නැති කඳුළු අරණක මෙමා        තනිවුනේ
  හඹා එනු නොහැකි දුරකය ඔයා        සැඟවුනේ  

(රවුළු ඡන්දසට අයත් වියන් නම් වූ විරිත ඇසුරෙනි)

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

 

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



No comments:

Post a Comment