Friday, June 18, 2021

පැතුම



 
පැතුම 
 
අහිමි සෙනෙහස සවන් පත් මත කොඳුරනා තිස් තුන් පැයේ
නිදන සිතිවිලි අතර සහසක් අවදි වූ පැතුමන්            තියේ
දකින සිහිනද මනස කළඹයි ශෝක ගී දසතින්          වැයේ
ඉපිද මියැදෙන සුසුම් දහරින් සතපවමි හැඟුමන්         ළයේ
 
සුමුදු පියකරු තඹරු සහසක් හිනැහුනා නිල් දිය        පුරා
පසෙක රතැඟිලි පටල පෝරුව මත සිටියෙ කුසුමිය    දරා
කෙලෙස හදවත වාවගමි උණු කඳුළු පිබිඳුනි නෙතු      ඉරා 
 ඉපිද මතුභව එනු මැනවි සෙනෙහසිනි මාගේ ලොව    කරා  

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.