Saturday, June 5, 2021

හිමි සඳ

 

හිමියනි ..

හිමියනි පිවිතුරු
නුඹමය ම'සඳ දිවිතුරු
අවසන දිනය එනතුරු
වනුමැන මගේ සුමිතුරු

දිවිනිම වනතුරු
විලසට අහසෙ දිලිතරු
මවමින ලොවක් විසිතුරු
හිඳිනෙමි ළඟම නිරතුරු

(ගජගැමි ගී විරිත ඇසුරෙනි )

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

වසමැ අට එකොළොස්
සම පෙදෙහි ඇර බව්නෙන්
සම එළි කොටින් බැඳි
ගජගැමි නමැයි දන්නේ.

~~~~

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment