හේනේ පැලේ රෑ තුන් යම ගෙවන මට
තේරේ සෙනේ අඩුකම නොදෙඩුවද කට
සීලේ බිඳී පැන්නත් මායිමෙහි වැට
නෑනේ එළිය වනු දිවියට අඳුර බට
දුටු මොහොතෙ මයි පෙම්පිරි හදවත දෑවේ
ලොවටම හොරා අමිලවු සෙනෙහස පෑවේ
එනිසයි හැම විටදි බැහැදැකුමට ආවේ
මියුලැස නොයනු පිටගම් නුඹ මගෙ ජීවේ
තනිකම සිහින සිතුවිලි අතරෙම පෑහේ
විරහව පොර බඳයි රෑ තුන්යම පාහේ
සෙනෙහස දෝරෙ විත් නිල් නුවනත වෑහේ
එය මතු දිවිය ගෙවනට හොඳටම සෑහේ
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ඔය විදිහට කවි ලිව්වාම නෑනා කැමති නොවී හිටියොත් තමයි පුදුමෙ. ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තුතියි අනුරුද්ධ ඔබගේ ප්‍රතිචාරයට. නෑනා කැමති වෙනවා නම් ඕනේ තරම් කවි ලියන්නම් කෝ මේ වගේ.
Deleteපැලේ තනියම ඉන්නකොට කියවෙන්නැති!
ReplyDeleteබොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැදුනාට. ඔබව සාදරයෙන් පිළිගන්නවා.
Deleteඔව් නේද තනියම ඉන්න කොට පාලුවට තමා බොහෝ විට මේ වගේ කවි ලියැවෙන්නේ.
අපුරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි මගේ කවි නිවහනට ගොඩ වැදුනාට සහ ඔබගෙ නිහතමානි ප්‍රතිචාරයට.
Delete