ලෙලෙන ගොයමෙ, ඇති සිරියට
පිපි එරබදු, මල් සුවඳට
පෙ'බැඳි බඹරු, හරි හරියට
රඟදෙයි නිති, සුව විඳිනට
කොවුල් නඳින්, මිහිර ගන්න
අඹ දඹ රඹ, සුවඳ දන්න
කොයි කවුරුත්, ඇඟිලි ගැන්න
වසන්තයත්, ඇවිත් ඔන්න
( උතු ඡන්දසට අයත් වසත් / වසන්ත විරිත ඇසුරෙන් )
*පාදයකට මාත්‍රා 12 කි.
*මත් 6න් 6ට යතිය තැබිය යුතු අතර පාදාන්තය ගුරක් නොවිය යුතුය
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
සරල කවි පෙළක් . , අර විරිදු වග කියන්න හොඳයි
ReplyDeleteඔව් ඒක නම් ඇත්ත. මේක හරිම සරල විරිතක් ලස්සන තාලයක් තියෙන. ඉතින් හැමදාමත් වගේ මගේ නිවහනට ගොඩ වැදී කවියත් රසවිඳ සටහනක් තබා යන්න තරම් නිහතමානී වීම ගැන බොහොම ස්තුතියි.
Deleteකොවුන් නද නම් තාම ඇහුනෙ නෑ. හෝමූස් වහල හින්දා ඌටත් එන්න බැරි උනාද දන්නෙ නෑ.
ReplyDeleteඅයියෝ.. ඒක නම් ...... කොවුලා මෙහෙ නම් එන්නෙම නෑ... අපි එක්ක තරහයි නොවැ.
Deleteඉතිං .. සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණි ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
විරිදු, සීපද වගේ ඒව තමා මටත් මතක් වුනේ. පැරණි ගම්මානයක අසිරිය, අවුරුදු උදාව වගේ දේ. බොහෝ විට අපේ හිත්වල තියෙන ගම්මාන තමයි, දැන් නම් වෙනස් ඇති.
ReplyDeleteඔව් තාමත් ඒ පරණ අසිරිය තියෙනවා සමහර පළාත් වල. ඒක නම් සතුටට කාරණාවක් නේද?
Deleteකොහේ නැතත් තමා අපේ හිත්වල ඒ විදිහටම තියෙනවා අපි ඈත රටවල ජිවත් උනත්. ඒ ටිකම මදිද නේද
හැමදාමත් වගේ සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට පැමිණි ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා යි කියා පතමි.
පෙබැඳි යනු පෙම් බැඳි යන්නට සන්ධියක්ද?
ReplyDeleteසුව සුබ නව වසරක්!
ඔව්. අවශ්‍ය මාත්‍රා ගනනට අනුව කෙටි කර යොදා ඇත.
Deleteඉතුතියි සුබ පැතුමට.