Thursday, December 4, 2025

නෑනේ එළිය වනු දිවියට


හේනේ පැලේ රෑ තුන් යම ගෙවන           මට
තේරේ සෙනේ අඩුකම නොදෙඩුවද       කට
සීලේ බිඳී පැන්නත් මායිමෙ​හි                වැට
නෑනේ එළිය වනු දිවියට අඳුර               බට

දුටු මොහොතෙ ම​යි පෙම්පි​රි හදවත  දෑවේ
ලොවටම හොරා අමිලවු  සෙනෙහස   පෑවේ
එනිසයි හැ​ම විටදි බැහැදැකුමට        ආවේ
මියුලැස නොයනු පිටගම් නුඹ මගෙ      ජීවේ

තනිකම සිහින සිතුවිලි අතරෙම         පෑහේ
විරහව පොර බඳයි රෑ තුන්යම           පාහේ
සෙනෙහස දෝරෙ විත් නිල් නුවනත    වෑහේ
එය මතු දිවිය ගෙවනට හොඳටම      සෑහේ

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. ඔය විදිහට කවි ලිව්වාම නෑනා කැමති නොවී හිටියොත් තමයි පුදුමෙ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අනුරුද්ධ ඔබගේ ප්‍රතිචාරයට. නෑනා කැමති වෙනවා නම් ඕනේ තරම් කවි ලියන්නම් කෝ මේ වගේ.

      Delete
  2. පැලේ තනියම ඉන්නකොට කියවෙන්නැති!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැදුනාට. ඔබව සාදරයෙන් පිළිගන්නවා.
      ඔව් නේද තනියම ඉන්න කොට පාලුවට තමා බොහෝ විට මේ වගේ කවි ලියැවෙන්නේ.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි මගේ කවි නිවහනට ගොඩ වැදුනාට සහ ඔබගෙ නිහතමානි ප්‍රතිචාරයට.

      Delete