Friday, January 28, 2022

අලුත ගෙනා මනමාලි 3

 කවි කතාව

 


 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

   මනමාලයෝ දැන් නිතරම             එනයන්නේ    
   සමහර අයට නැත රුචියක්       ඇතිවෙන්නේ    
තව ටික දෙනෙකු මගෙ හිත තුල රජවෙන්නේ
ඔවුනගෙ සිතැඟි පවසන තුරු     ලතවෙන්නේ


3 කොටස  

අවසන කොහොම හරි පවුලට       ගැලපෙන්න
කොලුවෙකු හොයා ගත්තා නොවැ    බැඳගන්න
මඟුලද තීන්දුයි වැඩි කල               නැහැඔන්න
සිතයට රැඳුන බිය, තුට ගති          කැලතෙන්න

ගෙදරට හිටපු ආදර බර එකම               කොලූ
සැමදෙන ගැනද බොහො අදරින සොයල   බැලූ
නිමවන හැඩයි හද ශෝකය කඳුළු             සැලූ
පුබුදින සතුට මෙනි තුරු හිස නැගෙන         දලූ

අතටද පයට වැඩ කරුවන් ඇත         බොහොම
පනවන අණට කන දෙනවලු එහි          සැවොම
දනටද පිනට ලැදි ලොව අනියත               දහම
සපිරුණ තවත් කිසිවෙකු සොයනුයෙ  කොහොම

පියතුම බොහොම අවිහින්සක පෙනුම      ගෙන
පසුවන අතර බිරිඳයි බලකනුව                හෙන
ගෙදරද අපෙත් නැත වෙනසක් මෙයට      වෙන
නිරතුරු මවගෙ කීමට සැම දිනුම             දෙන

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

4 comments:

  1. ලස්සනයි..
    බලකනුව හෙන
    අප්පේ නැන්ද ලේලි සංග්‍රාමේද ඊළඟ කවි සැට් එක...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතිය ප්‍රතිචාරය ට.
      තාම මේ බැඳගන්න හදනවා ඒව පස්සට ඈ. 😆

      Delete
  2. රසවත්.. 🙂🙂 ඉතුරු ටිකත් දමමු

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ප්‍රතිචාරය ට. ඉතුරු ටිකත් දෙන්නම් කෝ ඉක්මනට 😁
      මීට කලින් දමපු සඳලතා හා ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය කියලා කවි කතා 2 ක් ඇති නිදහස් වෙලාවක බලලා ගුණ අගුණ කියන්න.

      Delete