කවි කතාව
1 කොටස
ගොඩ මඩ අත මිටද යහමින් ඇති ගෙදර
සිටි එක කෙල්ල වෙමි මැකු නිවසෙහි අඳුර
නිමකර සිප් සතර කල ගතවන අතර
පවසනු කොහොම හද පෙළු පාලුව මිතුර
සැම අමතන්නෙ ආදර සුදු බේබි නමින්
නැත යොදවන්නෙ දෙයකට හිත ඕන කමින්
දිවි සරසන්නෙ මව හා පිය බෝම පෙමින්
දින වියැකෙන්නෙ නිවසට වී කාලෙ කමින්
මට දැන් වයස තිස් තුනකුයි පසුවන්නේ
සුදු කෙස් ගසුත් එක දෙක හිස මතුවන්නේ
"හැකි ඉක්මනින් හොඳ සැමියෙකු ලැබගන්නේ"
යනුවෙන් යහලුවන් නිතරම පවසන්නේ
මව හා පියා කුඹුරේ වැඩ වලට යති
එනිසා ගෙදර අනිතුත් දේ කරනු ඇති
හිටියා කෙනෙකු සහයට අප වටම එති
'මැණිකා' කියා හැමදෙන ඇමතුවේ නිති
සිටි එක කෙල්ල වෙමි මැකු නිවසෙහි අඳුර
නිමකර සිප් සතර කල ගතවන අතර
පවසනු කොහොම හද පෙළු පාලුව මිතුර
සැම අමතන්නෙ ආදර සුදු බේබි නමින්
නැත යොදවන්නෙ දෙයකට හිත ඕන කමින්
දිවි සරසන්නෙ මව හා පිය බෝම පෙමින්
දින වියැකෙන්නෙ නිවසට වී කාලෙ කමින්
මට දැන් වයස තිස් තුනකුයි පසුවන්නේ
සුදු කෙස් ගසුත් එක දෙක හිස මතුවන්නේ
"හැකි ඉක්මනින් හොඳ සැමියෙකු ලැබගන්නේ"
යනුවෙන් යහලුවන් නිතරම පවසන්නේ
මව හා පියා කුඹුරේ වැඩ වලට යති
එනිසා ගෙදර අනිතුත් දේ කරනු ඇති
හිටියා කෙනෙකු සහයට අප වටම එති
'මැණිකා' කියා හැමදෙන ඇමතුවේ නිති
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
හ්ම්.......
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි.
Delete