Monday, December 7, 2020

සඳලතා 8

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~ 



 

       

 8 කොටස

 

           ඔවදන එසේ වනමුත් ඔහු                පිළිගන්නේ          
නැත මතු දියුණ ගැන සිත කය    වෙහෙසන්නේ
කෙලෙසද තවත් ජීවයකට             පණදෙන්නේ
සිතමින දහස් වර මැරි මැරි             උපදින්නේ


ඔහු හට නොමැත රැකියා වතු පිටි            ජයට
එය වැටහුනේ ආවට පසුවයි                    ලඟට
මව හා පියා කොතෙකුත් කීවද                ඇයට
නොදැනුනෙ තරුණ ආලයෙ ඇති අඳ         කමට

සුරතල් හුරුබුහුටි කොලු පැටියෙකු          ලැබිලා
නැවතත් ඔවුන්ගේ දිවි අරුතිනි                පිරිලා
"විඳිමින් සතුට නැගිටිමු දියුණුව              පතලා"
යනුවෙන් බිරිඳ මතුරයි දුරදිග                 බලලා

නිවසේ අනෙක විධ අඟ හිඟ             මතුවන්නේ
දරුවා හඬන විට කොහොමද            ඉවසන්නේ
කියනා දෙයක් නැත කනකට             අරගන්නේ
උනනා කඳුළු කැට දෙකොපුල           සිපගන්නේ

අඟ හිඟ දැනෙන විට ඇති පෙම පරව      ගොසින්
නැති බැරි කමට දෙයි රිදුමන් වියරු         වෙසින්
හැකිවිට ගෙවන්නට තම කල බොහොම  තොසින්
එය වෙයි සතුට ලැබූ දිවියට තිළිණ          ලෙසින් 


මතු සම්බන්ධයි.........


මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.


👈  7 කොටසට 

👉  9 කොටසට   


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment