Tuesday, December 22, 2020

සඳලතා 11

   සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~




11 කොටස

පියවර මනින විට සුපුරුදු දොළ                 පාරේ
ලැබු අපහාස එමටයි තුන් සිත                   පෑරේ
උහුලනු බැරි දුකට නෙතු කඳුළැලි              බේරේ
පය එඩි නැතිව පැටලී යන බව                 තෙරේ

ගෙබිමට  ඇතුළු  වන  කඩුලුද                දිරාලා
හඳුනනු බැරි ලෙසට එය වල්                   වැදීලා
දෙකොපුල,  ගලන  උණු  කඳුළිනි           පෙඟීලා
හදවත නුහුරු  හැඟුමෙන්  හිරි                වැටීලා

පෙදෙසම පාලු වී ඇති හේතුව               සොයලා
දැනගනු කෙලෙස කිසිවකු නැත එහි         රැදිලා
හෙමිහිට ගොසින යාබඳ නිවසට              එබිලා
තොරතුරු ඇසුවෙ කොහෙදෝ මව පිය    කියලා

අරුණේ තමන් පණ වැනි දුව නැත           දුටුවේ
මව හා පියා උහුලණු බැරි දුක               දැරුවේ
නිවසේ පහන නිවිලා ගියෙදැයි                සිතුවේ
තනිවී සුසුම් මැද දිවි ගඟ නිම              කෙරුවේ

අ..යි...යෝ..! සිටිමි කෙලෙසක දුක       දරාගෙන  
ඇය වැළපුනා නෙතු කඳුළැලි              පුරෝගෙන
පිටවුන පසුව රහසෙම ඔහු                 පතාගෙන
මව සහ පියා සදහට නෙතු                 පියාගෙන 


මතු සම්බන්ධයි.........



මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.


👈  10 කොටසට 

👉  12 කොටසට   


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~


~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment