සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....
~~ සඳලතා ~~
9 කොටස
අඟ හිඟ දැනෙන විට ඇති පෙම පරව ගොසින්
නැති බැරි කමට දෙයි රිදුමන් වියරු වෙසින්
හැකිවිට ගෙවන්නට තම කල බොහොම තොසින්
එය වෙයි සතුට ලැබු දිවියට තිළිණ ලෙසින්
ගෙන ආ මිල මුදල් ටික ටික දියවන්නේ
කන කර බඩුද මුදලාලිට හිමිවන්නේ
අත මිට හිඟව අඩදබරය මතුවන්නේ
මව පිය සිහිව නෙතු කඳුළැලි රජවන්නේ
සමහර විටෙක හොඳටම රහ මෙර බීලා
ගෙදරට එන්නෙ මැදියම් රැය පසු වීලා
වෙරි මරගාතෙ බිරිඳට ගුටි බැට දීලා
පිටවිය ගෙයින් දෙදෙනම තනිකර දාලා
හඬවා මව් පියන් ආවෙ මොහු ළඟට
පතුවේ දෙව් ලොවක ඇති සැප සිත ගතට
විඳිනා මෙවන් තාඩන පීඩන වලට
බොඳවූ නෙතින් ගෙවනට විය දිවි ඇයට
ඇය හට නොමැත කාලය තව හිතන්නට
ඔහු එන පාටකුත් නොතිබෙයි පෙනෙන්නට
හැකිවෙද තවත් එහි තනිවම වසන්නට
යනු ලෙස සිතයි තම මව්පිය දකින්නට
මතු සම්බන්ධයි.........
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
👈 8 කොටසට
👉 10 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

No comments:
Post a Comment