කවි කතාව
පසුගිය කොටසෙන්.................
ගෙවුනද යුග දිවිය හැල හැප්පිලි මැද්දේ
නිම කල නොහැකි මිහිරකි තුන් සිත ලද්දේ
නැත ඉවසුමක් තෙරපෙන සිතිවිලි මැද්දේ
මතු දින අපේ නිවහනෙ තොටිලක් පැද්දේ
23 කොටස
මවපිය යුවලගේ සිතුවිලි හොඳ අතට
හැරෙමින තියෙයි එය වෙයි දිවියෙහි සතුට
බිළිදිය කෙරෙහි සෙනෙහස මහමෙර උසට
පවුලම එකළු විය ලැබ සැම දෙවි පිහිට
මෙතුවක් දිවි ඔරුව පැදගිය නමුදු ඔහේ
එළියක් ලැබ දියණි දොඩනා සිඟිති බහේ
අරුතක් දෙනු රුචිව පිපි පෙම් කුසුම ඉහේ
වෙනසක් විය මගේ සිතිවිලි පහුණු දොහේ
බිලිඳිය නිදයි තොටිලයෙ කිරි සිනහ මැද
සුරසඳු ගීත මුමුණයි ඉහ කොනෙහි ඉද
හනිකට නළල සිඹ උයනා ගෙයට වැද
පිළියෙල කරමි ම'අතින් තුන් වේල අද
ඉඳුනිල මගේ යහ ගතිගුණ පිරුණ ඉතා
කිසිදින කෙනෙකු ගෙන් නපුරක අයුතු කතා
අහගනු නොදී නිවසෙහි රන් පහන සිතා
රැකගමි ඔවා දෙමි දියුණුවෙ අසිරි පතා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
මමත් ආව කියවන්න. ඉදිරියටම යමු!
ReplyDelete
Deleteබොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. අදයි කමෙන්ට එක දැක්කේ එක හැංගිලා තිබුනේ.