කවි කතාව
පසුගිය කොටසෙන්.................
ටිකිරද නිතර ඇය දෙස හොරැහිනි බැලුවේ
සැමවිට දෙදෙන නෙතු කැල්මෙනි ඉඟි මැරුවේ
ගුවනට හදවතේ සුසුමන් මුසු කෙරුවේ
මෙලෙසයි සොඳුරු ආලයකට මුල පිරුවේ
4 කොටස
දවසක් ඇවිද යනවිට අන්දර කැලයේ
ටිකිරත් තුටිනි ඇය එන පෙර මඟ සිටියේ
සුහුඹුල් නෙතින් මිඳුනා වූ ඒ ඉඟියේ
රසවත් ලතාවකි දෙහදක දොර හැරියේ
සරතැස නිවාගත් මුවරැළ රඟති කැලේ
සැළලිහිණියන් පියඹති නිල් ගගන තලේ
කිරිවැදි බන්ඩි ගොයමද රන් රුවට දිළේ
සුසිනිඳු සුව දැනී මොවුනගෙ ප්‍රේම දැලේ
කුපිතව මෙදෙස නෙත හෙළනා උකුසු ඇස
ගමවිසු සැවොම අමතයි රණවීර ලෙස
යන දඬු මොණරයෙන් නිතරම හරිම වස
කොලුවෙකි කිසිත් නැත දඟ වැඩ කරනු මිස
ඇඳි වත දිළෙන මුත් හැමවිට සුදට සුදේ
හද තුල අඳුරු පැහැ ගන්වන කහට බැඳේ
නැත වගතුවක් දුටුවිට රිවි වඩින උදේ
මොහු ගැන ගමේ නොයෙකුත් කට කතා හැදේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment