කවි කතාව
පසුගිය කොටසෙන්.................
දෙදෙන ගෙ අනඟි ජීවිතයේ රුවින ගෙතු
රස පෙම් පුවත ඔබ සැම දැන ගතම යුතු
ඇති සැටියෙන්ම මෙහිදී මම දකින තතු
ගෙන එමි ඔබට හොඳ හැටි රස විඳිනු මිතු
2 කොටස
පොඩි උන් සමයෙ එක මඟ අකුරට ඇදුනේ
සියොතුන් තුඩක කිචි බිචියකි නිති රැඳුනේ
කෙළිලොල් කැකුළු එක පසකට ගොඩ ගැසුනේ
සොයුරන් සදිසි සැම නොබිදෙන ලෙස බැඳුනේ
තුරු මත රඟන විහඟුන් දැක කල සද්ද
කැටපොලයකින් මී අඹ ඵලයට විද්ද
සමඟින ටිකිර අසබඩ දොලෙ ඔරු පැද්ද
කැකුළිය පරදවයි විකසිත වතු සුද්ද
වැඩිවිය පැමිණ ඇත කැකුළිය ලොවට හොරා
සිරවිය සෙමෙන් ගෙපැලට පැය වඩින තුරා
ඉවසිලි නැතිව සිටි බඹරිඳු සෙනෙහෙ දරා
පෙරමඟ බලයි නිකැළැල් හදවතිනි නුරා
මදමුදු පවන රඟදෙයි තුරු හිස සිඹිමින්
නළලත කියඹු වැල් නළියයි කිති කවමින්
සැඟවුණ මතකයන් පිබිදෙයි රස මවමින්
සැතපෙයි හදවතේ ඇය සෙනෙහස විඳිමින්
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
👌👌👌👌👌👌😍😍😍😍😍
ReplyDeleteHarima lassanai👌
Well done 👏
බොහෝම ස්තුතීයි සුද්දී. කතාව දිගටම බලන්න හොදේ.
Delete