කවි කතාව
පසුගිය කොටසෙන්.................
ඇඳි වත දිළෙන මුත් හැමවිට සුදට සුදේ
හද තුල අඳුරු පැහැ ගන්වන කහට බැඳේ
නැත වගතුවක් දුටුවිට රිවි වඩින උදේ
මොහු ගැන ගමේ නොයෙකුත් කට කතා හැදේ
5 කොටස
සැමටම වින කටින රණයගෙ රුදුරු නඩේ
දිවි සරි කලේ සිදු කරමින අනිසි වැඩේ
පැතිරුණ කංස යායකි ගම් පියස අඩේ
විමනකි නොදනි ඉන් පිට ඇති ලොවක හැඩේ
තම බල යොදා කොළු ගැටයන් ගෙන ලඟට
නොමිලෙම වැඩ ගනියි යටකර අණ සකට
දෙඩුවද කිසිදු වදනක් ඔවුනට නොපිට
විඳිනට වේය දඬුවම් අසරණ කමට
කරදඬු මහත් වී පිබිදෙන තරුණ කැළ
රැකගත යුතුය සැමවිට විෂ දැලෙනි බල
දුදන ගෙ රළු ගැහැට ඉවසිය නොහැකි කල
මිණිවත රැකිය යුතු විය තම ගෙපැල තුල
රකුසෙකු පරිදි රළු පෙනුමැති නැති පිරිය
රණයද සිතයි කරගන්නට ඇය බිරිය
කිසිදෙය නොදත් අවිහිංසක පොඩි දැරිය
දුව පැන නටයි හැඩ කරමින දිගු නෙරිය
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
Wow 👌👌👌👌❤❤❤👍👍👍
ReplyDeleteAnd good luck 👍
Thank you so much. ❤❤❤
Delete