Tuesday, October 19, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 12

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

 කැකුළිය කල ගෙවයි අහසට වෙමින      සිනා
විඳිමින හදේ ඇති සෙනෙහස දෝරෙ       යනා
සිතිවිලි විඩා බර එකිනෙක සෝක        දෙනා
බිඳිමින මඟුල් දිනයද ළඟ ලඟම            එනා

12 කොටස

අදරැති  දෙමාපිය දෙදෙනා තම           මැණික
හැඩකර පෝරුවක නංවා  ලෙස           මලක
ජයහඬ  මැදින මනරම් පැහැබර        දිනෙක
සැරසෙයි පැතුම් දෙවනට සුබ දිවි        මඟක 

අදමිටු රණා ආ..රංචිය   ලැබුව               සඳ
කුරිරුවු නොසන්සුන් හිත තුළ වෛර       බැඳ
"මඟුලට ඉඩක් නොම දෙමි මේ වසමෙ       ඉඳ"
වියරුව කීවෙ උල් පිහියක් ඉනෙනි           ඇද

නරකය සමඟ සෙසු  සඟයන්  එකම       තලේ
සිත සිත  නිදි වරා සව්දිය පුරයි           බොලේ
රහසින කැකුළි යන එන මඟ රැකල         මලේ
විගසට රැගෙන යා යුතුවිය දෙසට          කැලේ

සවසට ටිකිර හේනට පිය             ඔසවන්නේ
එළිවන තුරා කවි සීපද                 මුමුණන්නේ
විටකදි මියුරු බට ලී හඬ           පැතිරෙන්නේ 
බොළඳිය හදවතේ කුකුසකි            උපදින්නේ

මතු සම්බන්ධයි......

👈11 කොටසට

👉13 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 15, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 11

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

 කැකුළිගෙ හිතේ නැත කිසිවකු ටිකිර   හැරා  
අහසට හිනැහෙමින පියඹයි සිහින        පුරා
ටිකිරද දවස ඇරඹී පැය ගෙවෙන         තුරා
දහබිඳු හෙලයි මතු දියුණුවෙ පැතුම      දරා

11 කොටස

කමතට ඈඳ අටවා යස පැල්          කොටයක්  
අටුකොටු වල බහා අස්වැන්නෙන්    කොටහක්
එළබෙන බක් මහට යෙදි පින්වත්     නැකතක්
හදවත පතුලෙ පුබුදයි තඹරුන්          සහසක්

කෙළිලොල් විය පටන් බැඳි  ආලය      හන්දා
සුහුඹුල් පතිනි පැල වෙත ගෙනෙනට  කැන්දා
හරවත් දිවියෙ උණුසුම හදතුල           රන්දා
දෙහදක් සිනා සලමින පෙම්රස           වින්දා

       මව පිය දෙදෙනගේ හිත් තුළ සතුට        තියා       
හිමිකරු ලෙසට මහ බඹු නළලතෙයි      ලියා
සනහස රැදුනු ලොව තුළ වැජබෙන්න     කියා
පිනකිය ලැබුවෙ ඇය හද තුට ඉපිළ        ගියා

කැකුළිය කල ගෙවයි අහසට වෙමින     සිනා
විඳිමින හදේ ඇති සෙනෙහස දෝරෙ     යනා
සිතිවිලි විඩා බර එකිනෙක සෝක        දෙනා
බිඳිමින මඟුල් දිනයද ළඟ ලඟම          එනා
  
මතු සම්බන්ධයි......

👈10 කොටසට

👉12 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 12, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 10

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

ඉන්නේ  දැරිවි පියතුම  ලයෙහිම            ගුලිවී
දෙන්නේ කෙලෙස කට මැත දෙඩුමට       බියවී
යන්නේ එවිට ඇයගේ සිහිනය              බොඳවී
බැන්නේ සිතේ ඇති ආවේගය                 දැඩිවී

10 කොටස

දැරිවිගෙ පියා  හට බැන වැදි        කටකාර
කිසිදින කාටවත් නොනැමෙන        රණවීර
නොකැමති උනොත් දෙන්නට ඇය මනහාර
 බඳිනව කිව්වෙ බලයෙන් හරි        කරකාර  

එසැනින පියාගේ හිත කලබල          බැවින
සිතමින තමා සතු සම්පත ගැන      පෙමින
මතුවිය හැකියි සිතියැකි බාධක       මැදින
 කටයුතු කරනු කැමැතිව නිවසට      වැදින 

පණිවිඩ යවා ටිකිරා යලි              කැඳවාලා
මඟුලට කැමති බව සතුටින           පවසාලා
නැකතට රස කැවිලි මේසය          සකසාලා 
සුපැතුම කුසුමි සරසන්නයි           හැඩදාලා

  කැකුළිගෙ හිතේ  නැත කිසිවකු ටිකිර  හැරා  
අහසට හිනැහෙමින පියඹයි සිහින        පුරා
ටිකිරද දවස ඇරඹී පැය ගෙවෙන         තුරා
දහබිඳු හෙලයි මතු දියුණුවෙ පැතුම      දරා

මතු සම්බන්ධයි......

👈9 කොටසට

👉11 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 8, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 9

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

කඩිසර කම ද දෑතේ වැඩ නැත            නිම්මා
නිසි කල  තවානට වග බෝගද             දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව            නම්මා
  ගැනුමට සමත් විය තව කුමටද            බුම්මා   

9 කොටස 

අසනට ලැබුණු තොරතුරු රණවීර          වෙත
කලබල කෙරුවෙ ඔහුගේ දා..මරික            සිත
කඩිසර නොවුන හොත් ගන්නට ඇය ගෙ    අත
බැරිවනු හැඩයි දැනි හදවත වුනිය             ලත

     නරකය කැකුළි ගැන සිතමින      ලතවෙන්නේ  
      හද තුල නොරිස්සුම දැඩි ලෙස        දළුලන්නේ    
        නිතරම වහසි බස් දොඩමින          පසුවෙන්නේ      
 තිර අදිටන ඇතිව පෙර මඟ            රැකඉන්නේ

කුඹුරට රණය ගියෙ අප්පච්චිව            දැකලා
පවසනු පිණිස ඇති ආලය හද               පිරිලා
"දැමුවද ගඟට මගෙ දරුවා පෙති          කපලා
තොප හට නොදෙමි" කීවේ හඬ දැඩි     කරලා

ඉන්නේ  දැරිවි පියතුම  ලයෙහිම            ගුලිවී
දෙන්නේ කෙලෙස කට මැත දෙඩුමට       බියවී
යන්නේ එවිට ඇයගේ සිහිනය              බොඳවී
 බැන්නේ සිතෙහි  ඇති ආවේගය               දැඩිවී 

මතු සම්බන්ධයි......

👈8 කොටසට

👉10 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 5, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 8

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

ටිකිරගෙ හේන පසු කරගෙන යන           අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය         නතර
දුටුකල එයා වැට අද්දර උණ                   පඳුර
   ඉවතට ගියේ හද කළඹන මද                   අඳුර   

8 කොටස 

"මවපිය රුදුරු වී අහිතක් වන්ට                එපා
සුපිපුණු කැකුළු කිසිවක් පරවෙන්ට           එපා 
ඇළ දොළ සිඳී ඉන් නපුරක් වෙන්ට             එපා 
සෙනෙහෙට අපේ කණ කොක් හැඬවෙන්ට  එපා”

අදරැති මව්පියන් අකමැති වෙතැයි           සිතු
ඇය වැලපුනේ උණු කඳුළැලි පිරුනු         නෙතූ
දිවියට ඇගේ ටිකිරම ලැබ ගනිමි             පැතූ
දිව රැය බුදුන් පිදුවේ මල් දමිනි              ගෙතු

සිටිවිට රිදී හිරු අබරේ                 හිනැහෙමින
ටිකිරව දුටුවෙ මුව මදහස                රඳවමින
අලසව නොවේ වෙහෙසව පස         පෙරලමින
රළු වුන  පියාගේ  තුන් සිත               පහදමින

කඩිසර කම ද දෑතේ වැඩ නැත            නිම්මා
නිසි කල  තවානට වග බෝගද             දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව            නම්මා
ගැනුමට සමත් විය තව කුමටද            බුම්මා

 මතු සම්බන්ධයි...... 

👈 7 කොටසට

👉9 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 1, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 7

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

බොළඳිය ලපටි සුකුමාලිය                   දඟකාර
බඩවැටි පුරා දුව පැන ගිය                 හැඩකාර
පැල වෙත රැගෙන යන්නට බැඳ          කරකාර
   අදිටන ඇතුව ගියෙ හිත තුල               තිරසාර   

 7 කොටස 

කැකුළිද මනාපය ඒ ලෙන්ගතු                 හදට
සියොළඟ සැලෙයි දැන් දැන්  නුපුරුදු      කමට
පියතුම දරන මතයන් නොමවෙයි           සුමට
ඇය ලත වුනා පිට දී උළුවහු                    බඳට

  "සිඟිති කලේ වැලි කෙළියේ හිඹුටු         කැලේ      
බොළඳ වියේ එතුනේ රස පිරුණු            දැලේ  
නුදුරු දිනේ නැවතී සුව සැඳුණු               පැලේ
විඳිමි රසේ පිහිනා පෙම් කිඳුරු               විලේ "

වතුසුදු  සමන් මල් අරලිය                 හැඩකාරි
විකසිත වෙමින් කළඹයි මන               දඟකාරි
එළඹෙන දිනෙක වී ඔහු ගෙම               සහකාරි
        සුපැතුම වීමටයි ඒ හදෙ                      හිමිකාරි         
                            
ටිකිරගෙ හේන පසු කරගෙන යන           අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය         නතර
 දුටුකල එයා වැට අද්දර උණ                  පඳුර
  ඉවතට ඇදී ගියෙ හද කළඹන                  අඳුර  

 මතු සම්බන්ධයි...... 

👈 6 කොටසට

👉8 කොටසට