කවි කතාව
පසුගිය කොටසෙන්.................
කොටසකි වත්කමෙන් දැවුනේ අධි මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ හනික
ගුවනට මුසු කලේ හද බැති බර ලෙසක
14 කොටස
බරකින් මිදී නිදහස නිසි විදින්නටයි
සුරතල් දැරිය සමඟින කල ගෙවන්නටයි
මුදලින් තිබෙන මදි පාඩුද සොයන්නටයි
සිතමින් සැරසුනේ සවුදිය පුරන්නටයි
නෑඹුල් දෝණි ටික ටික බස හසුරන්නේ
'අම්මා' නොව 'මමී' කියලයි අමතන්නේ
බෑනගෙ දුවගෙ නව සිතුවිලි දළුලන්නේ
සීයයි ආච්චිගෙ හදවත කකියන්නේ
සියුමැලි දෙපා ඔසවා පිය නඟන සඳ
නව ආරෙකට තෙපලයි කිරි සිනහ මැද
'නොදොඩනු අම්මෙ හෙළ බස' දුව අසල හිඳ
පැනවෙයි අණක් හද තුට හීයකිනි විද
ගුණ නැණ අමා දහරද යන මඟ ඇතිරූ
මතු දින ලොවක් දිනනට හැකි යස ඉසුරූ
ගොනු කල දෙමාපිය පසෙකට ගිය අයුරූ
පුබුදා කුසුම් සහසක් හද විල් තලයේ
සපුරා සියලු පියවර බල පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින් රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින් හිටියේ
මතු සම්බන්ධයි......


++++++++++++++++++++
ReplyDelete🙏🙏🙏
Deleteහෙළ හුරු කම වනසන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනැ නෑ කියලයි හිතුනේ. අනෙක් පද්‍යවලින් ඒ බව කියවෙන නිසා.
ReplyDeleteඔව් නේද? ඔබ හරි. වෙලාවක් ලැබුනොත් ඒක වෙනසක් කරන්න උත්සාහ කරන්නම්. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි. නැවත එන්න.
Deleteඔන්න මම කවි පන්තිය ටිකක් සකස් කලා. දැන් කොහොමද බලන්න කෝ. බොහෝම ස්තුතියි ඔබගෙ අදහස මෙහිදී ලබා දුන්නාට. එය මම ඉතා අගේ කොට සලකමි.
Deleteඅම්මි කියලත් කියනව නේ කට්ටිය . මගේ දුවල මමී කියල තමා කියන්නේ හේ හේ
ReplyDeleteපිටරටක හදෙන දූ දරුවො ගොඩාක් එහෙම තමා. එයාලට සිංහලට වඩා ඉංග්‍රීසි වලින් තම අදහස් ප්‍රකාශ කරන්න පහසුයි. ඒ අයගෙ කිසිදු වරදක් මම දකින්නෙ නෑ. මෙය හුදෙක්ම ගොතා ගෙන යන කතාවක් නේ. වරදි අඩුපාඩුත් බොහොම ඇති ඕං. කිසිවෙකුට පහර ගසන අදහසින් ලියනවාත් නෙමෙයි ඕං.
Delete