Wednesday, November 5, 2025

දෝණි 14

  කවි කතාව


පසුගිය කොටසෙන්.................

කොටසකි වත්කමෙන් දැවුනේ අධි        මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු           දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ         හනික
ගුවනට මුසු කලේ හද බැති බර          ලෙසක


14 කොටස  

බරකින් මිදී නිදහස නිසි                විදින්නටයි
සුරතල්  දැරිය සමඟින කල         ගෙවන්නටයි
මුදලින් තිබෙන මදි පාඩුද           සොයන්නටයි
සිතමින් සැරසුනේ සවුදිය              පුරන්නටයි



නෑඹුල් දෝණි ටික ටික බස            හසුරන්නේ
'අම්මා' නොව 'මමී' කියලයි            අමතන්නේ
බෑනගෙ දුවගෙ නව සිතුවිලි            දළුලන්නේ
සීයයි ආච්චිගෙ හදවත                 කකියන්නේ

සියුමැලි දෙපා ඔසවා පිය නඟන               සඳ
නව ආරෙකට තෙපලයි කිරි සිනහ           මැද
'නොදොඩනු අම්මෙ හෙළ බස' දුව අසල    හිඳ
පැනවෙයි අණක් හද තුට හීයකිනි              විද

සිය දහසකිය පැතුමන් හදතුල              විසිරූ
ගුණ නැණ අමා දහරද යන මඟ           ඇතිරූ
මතු දින ලොවක් දිනනට හැකි යස         ඉසුරූ
ගොනු කල දෙමාපිය පසෙකට ගිය          අයුරූ

පුබුදා කුසුම් සහසක් හද විල්               තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 13 කොටසට

👉 15 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

7 comments:

  1. හෙළ හුරු කම වනසන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනැ නෑ කියලයි හිතුනේ. අනෙක් පද්‍යවලින් ඒ බව කියවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඔබ හරි. වෙලාවක් ලැබුනොත් ඒක වෙනසක් කරන්න උත්සාහ කරන්නම්. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි. නැවත එන්න.

      Delete
    2. ඔන්න මම කවි පන්තිය ටිකක් සකස් කලා. දැන් කොහොමද බලන්න කෝ. බොහෝම ස්තුතියි ඔබගෙ අදහස මෙහිදී ලබා දුන්නාට. එය මම ඉතා අගේ කොට සලකමි.

      Delete
  2. අම්මි කියලත් කියනව නේ කට්ටිය . මගේ දුවල මමී කියල තමා කියන්නේ හේ හේ

    ReplyDelete
    Replies
    1. පිටරටක හදෙන දූ දරුවො ගොඩාක් එහෙම තමා. එයාලට සිංහලට වඩා ඉංග්‍රීසි වලින් තම අදහස් ප්‍රකාශ කරන්න පහසුයි. ඒ අයගෙ කිසිදු වරදක් මම දකින්නෙ නෑ. මෙ​ය හුදෙක්ම ගොතා ගෙන යන කතාව​ක් නේ. වරදි අඩුපාඩුත් බොහොම ඇති ඕං. කිසිවෙකුට පහ​ර ගසන අදහසින් ලියනවාත් නෙමෙයි ඕං.

      Delete