Saturday, September 12, 2026

දුම්බර මැණිකේ (ශනිදා දහයට)

 දුම්බර මැණිකේ 

පාත දුම්බර කඳුකරේ සිට සරණ පාවා පැමිණි                සොඳුරිය
කෝල බැල්මක එතෙන නිලුපුල් කැළුම් විහිදා මවන            අසිරිය
රෑට අහසේ දිදුලනා සඳ රැජින පරදන වතෙහි                   රුසිරිය
ඈත දුර සිට විඳ ගනිමි හද මෝරනා පෙම් සුවඳ                පැතිරිය

දමා සිරිලිය පැලේ තනිකර ඇදුණි හේනට සතුට               ගිලිහුණි
නොයා කෙලෙසද රකිනු යුතුමය පරපුරෙහි කුස කඳුළ       රජවුණි
පෙනේ නුබ ගැබ පලා හිනැහෙන සඳවතිය හද විරහ          රැඳවුණි
හැඟේ වෙනදට වඩා අද රැය දිගුය සියොළඟ සුසුම්           වැලපුණි

හදෙහි තෙරපෙන සිහින වැල් නිති දවයි තුන්හිත සුවඳ           ගාවා
කුමන අරුමෙද අඳුරු වනපෙත ඇඳෙන සෙවනැළි මිලින           වූවා
"රුදුරු තනිකම නිවාලිය හැක අසල වැතිරෙනු සෙනෙහෙ       නාවා"
නිසල ගගනත සරන වවුලෙකු වියරු කෙඳිරිලි හඬින්               කීවා

සඳේ තනියට රැඳුනු ඉරබටු තරුව ඔච්චම් කරන                    සේයා
මගේ හදවත සතුට බිඳගෙන එබුණි දොම්නස් රුදුරු               මායා
නිවා සරතැස ගෙනෙන සිසිලස මවනු නිකැළැල් මියුරු             ඡායා
දවා ගණදුර පෙමෙන් පිරිමැද දිලෙයි අහසේ දිනිඳු                   පායා

නිහඬ වනගැබ පලා මතුවනු දුටිමි නිදිබර කුසුම                 මුකුළිත
ලොවට රහසෙම දළුලනා නෙක පැතුම් බරවිය වෙමින්         විකසිත
නොදෙයි ඉවසුම් දකින තුරු නුඹ පියඹලා එමි වෙතට          සිරිකත
මුදනු රිසියෙන ළයේ මිරිකෙන සුපෙම් හැඟුමන් නොරැක    මුණිවත

මදු ඡන්දසේ (පුණු අතිපුණු විරිත) ඇසුරෙන් 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, September 5, 2026

සුසුම් සැමරුම් (ශනිදා දහයට)

සුසුම් සැමරුම් 

මතුවන     උණුසුම්
සුසුමක     ළබැඳුම්
සැඟවුන    සුපැතුම්
ගෙනදුනි   සැමරුම්

පිය නගන     සඳේ
නිති සැලෙන  බඳේ
 රැඳි නයන     ළඳේ 
ඔබ සමඟ     ඇදේ

රතු මල්     පිබිදුන
සුවඳින්    හැඩවුන
සෙනෙහස රැඳවුන
මඟ සිත   පිනවන

මතකයම    ඉබේ
සෙනෙහසින එබේ
හදවතෙහි  ගැබේ
සුරැකිවම    තිබේ

( පිහිටි ඡන්දස - පියුමකර විරිත ඇසුරෙන් )

පාදයකට මාත්‍රා මත් 8 ක් තිබිය​  යුතුය.
විශේෂ ගුරු ලඝු  භේදයක් නොමැත​

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

ළඟදීම ඔබ හමුවට....

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, August 29, 2026

ආදර අම්මා සිහිකරමි ආදරෙන් (ශනිදා දහයට)

දස මාසයක් කුස තුළ බඳිමින         පවුරු
රැක සනසවා ගයමින් ගී රස           මියුරු
පිදු සෙනෙහසින් හද තුළ ගුණ කඳ තැවරු
මගෙ ලොව රැජින අම්මේ ඔබ මිස  කවුරු

යලි යලි පෙරට තබනට පා පොඩි     සුමට
වැටි වැටි නැගිටි පෙරදින අත දී     මෙමට
දින දින වැඩෙන'යුරු දැක ඉපිලෙන  සතුට
විඳ විඳ තුරුළු කර ගත්තේ නුඹෙ     ළයට

පෙළු අපමණ ගැහැට මැද පිස දුක   කඳුළ
ඔබ වැළපුනා රහසේ තනිවම           එකල
අසරණ දිවිය සඟවා හදවත            පතුල
සිහි වෙයි අනඟි ඔවදන් අදරින      තෙපල

සමුගෙන ගියද තනිකර ලෙන්ගතු    හදවත්
සිහියට නැගෙයි අදරැති මුදු වත     සිපගත්
දෙනෙතට බරය ඉනු උණු කඳුලැලි  තවමත්
මගෙ මව වනු මැනවි මතු උපදින  සසරෙත්

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, August 22, 2026

යාය දිගේ - ශනිදා දහයට

 අලුත් යමක් 

මගෙ ආදර යහළු යෙහෙළියනි ..

හැමදාමත් මගේ සිතිවිලි මංපෙතේ කවි රසවිඳින  මගේ ආදරණිය හිත මිතුරන් ට අද වෙනස්ම විදිහේ දෙයක් ගෙන එන්න හිතුනා. තවත් අලුත් අත්දැකීමක් එක්ක තමයි අද ශනිදා දහයට මම ඔයාලගේ නිවහනට ගොඩවෙන්නේ.  ඉතින් බලන්නකෝ මගේ නිර්මාණය ඔබට දැනුනේ කොහොමද කියලා. 

මේ තියෙන්නේ මම මිට මාස කිහිපයකට කලින් බ්ලොග් අඩවියේ ශනිදා දහයට පලකල ප්‍රතිෂ්ඨා  ඡන්දසට අයත්  - සුමුඛී  විරිත ඇසුරෙන් නිර්මාණය කල කවියක්.  

අද එය ඔබ අතට පත් වෙන්නේ ගීතයක් ලෙසින්.  මෙය විඩාබර ඔබගේ අවිවේකී දිවියට යම් අස්වැසුමක් ලබා දේවි කියලා මට හිතුනා. එහෙනම් ඉතින් අහලාම බලලා මොනාම හරි දෙයක් කියන්නකෝ... හිත හැදෙන්නත් එක්කම 

~~~~~~~

පෑව සිනා හීන වගේ

යාය දිගේ
ගාට එනා 
නෑන මගේ
නෑනෙ මෙදා 

කෝල වෙවී 
මාගෙ දිහා
පෑව සිනා
තාම මැවේ

චාටු කතා 
කීව  ගොතා 
යාය පුරා
තාම ඇසේ 

බාලෙ දෙඩූ 
ප්‍රේම කතා 
මාගෙ හිතේ 
තාම තියේ 

හේනෙ පැලේ
මූණ බලා
කීව කතා
හීන වගේ

දීග ගියා
මාව දමා
වාව ගමී
කෝම කෙසේ

(ප්‍රතිෂ්ඨා  ඡන්දස - සුමුඛී  විරිත.)

විරිතේ ලක්ෂණ -
පාදයකට මාත්‍රා 6 යි  
බ ගණයක් සහ ගුරු අක්ෂරයකි.

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 
 
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 15, 2026

සඳු එපා මගෙ ලොවට (ශනිදා දහයට)

සඳු එපා මගෙ ලොවට

මැවු සිහින පොද තාම තනි රකියි මගෙ           හදට

ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි             පෙමට

දින ගණන් මඟ බලා සිටිමි එන තුරු              පැලට

යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ             මෙමට

බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය     ලන්වීම

යලි යලිත් දකින්නට මඟ බලයි                  තුන්යාම

නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය               හින්දාම

ළය දවයි දරාගනු හැකිද මෙම                  වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ

උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි      නළියන්නෙ

අද හෙටම එයි කියා දුකද තුනි               කරගන්නෙ

මදනලක ඔතා එව් හාදුවයි                    එයදන්නෙ

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 8, 2026

හද පෙළන පාළුව - (ශනිදා දහයට)

සීත පිනිබිඳු, තැවරි මල්පෙති, 

                මද පවන් වැද, ලෙළෙන   අසිරිය

ඈත සමනොළ, කඳු වළලු සිප, 

                නැගෙන දිනකර, බිඳියි    ඇඳිරිය

පීදි නිල්වන්, බන්ඩි ගොයමද,

               සිනහ සලමින්, මවයි       මිහිරිය

කාට කියමිද, දැනෙන  හැඟුමන්,  

                 ගමට ගිය පසු, මගේ   සොඳුරිය

       (මදු ඡන්දසට අයත් පුණුඅතිපුණු විරිත ඇසුරෙන්.)

විරිතෙහි ස්වභාවය 
පාදයකට මාත්‍රා 28 ක් වන අතර මාත්‍රා 7 න් 7 ට යති ස්ථාන 3 ක් පිහිටයි.

~*~*~*~

ළඟදීම ඔබ හමුවට....

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, August 6, 2026

සෙනෙහසේ විරාජිත ගමන

'සෙනෙහසේ විරාජිත ගමන' 

වරෙක නිදහස් ආරෙකට හා තවත් වරෙක විරිතට මගේ හිතේ උපදින අදහස් කවියට නගන අතරම.., සුපුරුදු පරිදි තවත් රසබර කවි කතාවක් රැගෙන ඉතා නුදුරේම ඔබ හමුවට එන්නයි මගේ මේ වෑයම. 

මේ වනවිට මා මනසේ උපන් කතා කිහිපයක් ම කවියට නගා ඇති බව දන්වන්නේ ඉතා සතුටිනි. ඔබගේ කැමැත්ත පරිදි පහත පෙන්වා ඇති ලින්ක් මඟින් එම කතා මුල් සිට අගට එක දිගට රස විඳින්න හැකියි. 

කවි කතාව 👉 සඳලතා 
කවි කතාව 👉 අලුත ගෙනා මනමාලි 
කවි කතාව 👉 දෝණි 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 1, 2026

සඳ එළියක සිනහව - (ශනිදා දහයට)

හෙලූ සුසුම්          දුරලා
සිනා කුසුම්          ලියලා
හදේ පහන්          පිපිලා
දිලේ  ලවන්          ඔපලා

නුඹේ නෙතේ  කොනකින්
හෙලූ බැලුම්   සැනෙකින්
කියූ  වදන්        රැසකින්
තබයි දුකත්     පසෙකින්

වහන් වෙලා     හෙමිහිට
කියන් හිතේ දුක       මට
වැටී දනින් සැම        විට
දුකින් හඬා        කුමකට

සුපිහිටි ඡන්දස - සසපුලුතු විරිත ඇසුරෙන් 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 25, 2026

නොනිමි මතක දහර - (ශනිදා දහයට)

සයුරු රළ පෙළ සිහින         සඟවා

නොඑන ලෙස යලි දුරක      යනවා

පිපෙන පෙණ පිඩු සිසිල        රදවා

සිනිදු දෙපයට සුවය            සැදුවා

නැගෙන මතකය මහද        රිදවා

පෙළන නෙතුකොණ කඳුළු   පුරවා

තෙපලු වදනට අරුත          බඳවා

පුදන ලද පෙම කොහෙද     ඇසුවා

ගිලෙන සැඩ හිරු  කියන  කොඳුරා

රහස හෙමිහිට හදෙහි        අතුරා

සිහින පොකුරක සිතුසෙ      අසුරා

නුඹගෙ තුරුලට එවමි          ඉඳුරා

(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )

~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 18, 2026

විසිරුණ පිණි මත කඳුළැලි - (ශනිදා දහයට)

විසිරුණ පිණි පෙතිමත -  වැද දිදුළන -        නිසල රැයක 

මුකුලිත තරු ගගනත -   නිදි කිරමින -       සිටින කලෙක 

පියකරු නුඹ උවනත -    මත සැතපුන -       කියඹු වැලක 

එතෙමින රතු දෙතොලත -  පෙම කොඳුරන - මිහිරි මතක  

පෙරදින අතිනත ගෙන -   රන් හුයකින් -      බැඳ අතැගිලි 

අප අපගෙම වුන දින -    මුදු හදකින් -         විඳ සැනසිලි 

සමුගෙන ගිය බව දැන - නෙතු කොනකින් -  ඉනු  කඳුළැලි 

රිදවන කල මා මන -     මොන හිතකින් -    දෙමි හසරැළි 

( තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 11, 2026

සෙනෙහෙ මල් සුවඳ - (ශනිදා දහයට)

මල වට රැඟු  මත්   බිඟුසේ

සිඹ සිඹ රොණ ගනිති  රිසේ

යලි යලි තුට විඳ       රිසිසේ

​පැනයයි උන් හොර   රහසේ

දුව පහනකි අප         නිවසේ

දිළි දිළි සුව විඳි      මිණි සේ

තැන තැන යන සිත    රහසේ

රැකගනු පුත තම     පණ සේ

මතුවී උණු කඳුළු       නෙතේ

ටික ටික හද දවනු      ඇතේ

දින දින පිපි මල්         දසතේ

පොඩිකර උන් සැඟව    යතේ

(උතු ඡන්දස - යොන්මත්වැල විරිත ඇසුරෙන්)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 4, 2026

හදවතින් දුටු සොබා දහම (ශනිදා දහයට)

නෙත් අඳ මුත් හදවතින් ලොව දිටිමි..

පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන     හැටි

මනසින දකිමි මතුපිට රැදි තුෂර         කැටි

සවනත පිනයි බඹරුන් නද අවට          සිටි

දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ  කෙටි

පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති     රැල

වාගෙලු ගගන තල රඟනා සකුණ        කැල

ගීතය හද පිනයි දැකුමට නොහැකි        කල 

මා ළය නිති පෙළයි වැලපෙනු කුමට      පල

ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ       රඟ

ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ      දඟ

හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ        ළඟ

හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ    හිඟ

හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත      එකසේ

ලතවුනි දිය බිඳිති දැහනට සම         වැදිසේ

සියොළඟ සලිත කර මිහිමත සිප     රිසිසේ

නද නගමින්ම මහ වැසි උපදින         විලසේ

ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන      උදේ

කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන       ලදේ

පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන      නදේ

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ        හදේ

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 27, 2026

සැනසුමේ සේයාව (ශනිදා දහයට )

සියුමැලි සුදු සළුවෙන - හැඩ  වැඩ කල -  සුවඳ    තැවරු

අතිනත ගෙන සුබදින - මගෙ පැල තුළ - තිබෙන    අඳුරු

තනිකම දුරු කරමින - පිවිසෙන කුල -  කතකි   සොඳුරු

සිහිනෙකි හද කළඹන - මානස විල -   පිපුණු       තඹරු

හමනා මදනල  මත -   නැග රහසින -       දැඟලිල්ලෙන්

දිලෙනා පෙම්බර වත -   මත නැළවෙන -  සැනසිල්ලෙන්

එතෙනා සුන්දර තෙත - සිත අලවන -   කෙහෙරැල්ලෙන්

ගලනා සුවඳින් ගත - නිති මුදවන -            ඉවසිල්ලෙන්

තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 20, 2026

මගේ රන් කඳ (ශනිදා දහයට)

නන්දා මගේ රන් කඳ පෙම හද            රන්දා

වින්දා සියලු දුක් ගැරහුම් නව             නින්දා

අන්දා කසී සළු කර මාල ද                  බන්දා

කැන්දා යන නැකත කවදා දැයි           මන්දා

බැන්දේ සෙනෙහෙ දුටු සඳ දොළ ළඟ  ලන්දේ

නැන්දේ ඇයිද නෑනගෙ පෙම් සිත        බින්දේ

වින්දේ සිහින දකිමින් තුන්යම            නින්දේ

වැන්දේ බුදුන් පේවී වැඩ සිටි              කන්දේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 13, 2026

ඇයිද මෙසේ ලතවිමක් (ශනිදා දහයට)

ලන්ද කොනේ නොපැතූ     සිදුවීමක්
හින්ද ලැබූ  දිවියේ           පසුබෑමක්
මන්ද මෙසේ ලතැවී           විඳවීමක්
නැද්ද හදේ සුළු හෝ        වැටහීමක්

දෑතෙ පිරී රිදියෙන් හැඩ           දාපු
තෝඩු දිලී මුහුණේ සිරි            ගාපු
හීන තියේ මහදේ නැග             ආපූ
නෑනෙ මෙතෙක් තරුනෙක් බහ  දීපූ

(ගජ ඡන්දසට අයත් තරඟවැල විරිත ඇසුරෙන් )

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 30, 2026

නුඹය මගෙ කවිමල්ල - (ශනිදා දහයට)

රහසින බාල කාලේ සිට පෙම්             බැන්ද
සිතිවිලි ගඟේ පිහිනා සතුටකි              වින්ද 
සහසකි පැතුම් ගොනුකල නොමැ තිව  නින්ද
නුඹ හද රිදී මා මඟහැර යනු               මන්ද 

කෙළිලොල් වියේ සිටි ඔබ හරි         දඟමල්ල
නව යෞවනය එලබී වුනෙ            හැඩමල්ල
විසිතුරු වදන් සැමටම බෙදු           රසමල්ල
සිතුනෙම මෙමට ලැබුනා යැයි        ජයමල්ල

හද තුල නිමක් නෑ සෙනෙහේ          ඉතිරිල්ල
වලකනු කෙලෙස හද දවනා          මැසිවිල්ල
පෙර ලෙස නොවේ දැන් නුඹ ගේ    සැලකිල්ල
නෙතු යුග බොඳ කරයි නැගෙනා    කදුලැල්ල