Sunday, May 30, 2021

සුභ උපන්දිනයක් වේවා..!

 මගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා!

"පරම ආයුෂ වැළඳ සැරදෙන්...!"

මවට නොදෙවෙනි සෙනෙහ සයුරක පදවමින් අප දිවි ගෙතුම්
සැදුව ලෙංගතු රැකුම් අපමණ වගුරමින් දා බිඳු           උතුම්
මහිම පහදනු නොහැක කිසි විට වදනකින් හද රැඳි     සිතුම්
සරන භව මඟ සසර මතු දින නුඹෙ දියණි වෙන්නයි   පැතුම්

කළල සමයෙහි පටන් ළය පිරු මෙත් දියේ උල්පත      මතින්
රුවින අප ලොව පහන් කරමින එළි වැටක් විය ඔබ    නිතින්
ඉසිඹු දිවියක අසිරි විඳිමින යෙහෙන් වැජඹෙනු  මැන    ඉතින්
පරම ආයුෂ වැළඳ සැරදෙන්! පතමි පායුග වැඳ           බැතින්

~~ ලියෝනි අමරතුංග ~~

 

 

~~~~~~

 

4 comments:

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.