මගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා!
"පරම ආයුෂ වැළඳ සැරදෙන්...!"
මවට නොදෙවෙනි සෙනෙහ සයුරක පදවමින් අප දිවි ගෙතුම්
සැදුව ලෙංගතු රැකුම් අපමණ වගුරමින් දා බිඳු උතුම්
මහිම පහදනු නොහැක කිසි විට වදනකින් හද රැඳි සිතුම්
සරන භව මඟ සසර මතු දින නුඹෙ දියණි වෙන්නයි පැතුම්
කළල සමයෙහි පටන් ළය පිරු මෙත් දියේ උල්පත මතින්
රුවින අප ලොව පහන් කරමින එළි වැටක් විය ඔබ නිතින්
ඉසිඹු දිවියක අසිරි විඳිමින යෙහෙන් වැජඹෙනු මැන ඉතින්
පරම ආයුෂ වැළඳ සැරදෙන්! පතමි පායුග වැඳ බැතින්
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
I wish you Happy B’Day Thatha
ReplyDeleteThanks Asaja
Deleteහරිම ලස්සන පද පෙලක්. හොද උපන් දින තෑග්ගක් ....
ReplyDeleteබොහොම ස්තූතියි අනුරුද්ධ.
Delete