Wednesday, December 2, 2020

සඳලතා 7

 

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 
 
 
 

 

 7 කොටස

කොලුවා පැමිණි වාහනයේ හඬ           ඇහිලා
  සියලුම අවැසි දේ ගෙන පෙර තැබු        ඔතලා  
සුවසේ නිදන මව්පිය පා යුග               වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම       ඇරලා

මනමාලියක වී ගී
ආසිරි                     මැදින
සමුගෙන යන්න සිතුවද පාවඩ             මතින
අද පිටවුනේ අතරේ මව් පිය                නිදන
ඇය හිනැහුණේ උණු කඳුළැලි පිරි       නෙතින

පැමිණිය නිසා අතමිට සරුවට           පෙන්නා
මුව සිප සෙනෙහෙ පුදමින ඇය පිළි      ගන්නා
එනමුදු ටිකෙන් ටික රන්මසු දිය          වෙන්නා
නැදිනිය-ලේලි හබයද ලඟ ලඟ             එන්නා

පියඹන ලදුව කාලය නව දිවි             පලසේ
කිරි සිහිනයකි රැඳුනේ කුස තුළ         රහසේ
"කෙලෙසද ඉන්නේ නැන්දනි සමඟින මෙලෙසේ
  අපි පිට වෙලා යමු, වෙන තැනකට      විගසේ "

           ඔවදන එසේ වනමුත් ඔහු               පිළිගන්නේ          
නැත මතු දියුණ ගැන සිත කය    වෙහෙසන්නේ
කෙලෙසද තවත් ජීවයකට             පණදෙන්නේ
සිතමින දහස් වර මැරි මැරි             උපදින්නේ


මතු සම්බන්ධයි.........

 

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.


👈  6 කොටසට 

👉  8 කොටසට   


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

6 comments:

  1. "කෙලෙසද ඉන්නේ නැන්දනි සමඟින් මෙලෙසේ
    අපි පිට වෙලා යමු, වෙන තැනකට විගසේ "දැන් තමයි කතාව නැගල යන්නේ .... සුබ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ. දිගටම රැඳිලා ඉන්නකෝ මොකද වෙන්නෙ බලන්න.

      Delete
  2. I have listened to your 'Sandalatha kavi kathava.' You have good skills in reciting kavi. This reminds me of “kavi maduwa kavi” I have listened to in my childhood. Very good! Writing a kavi story (kavi katha) is not an easy thing. Especially sivpada kavi. You have good writing skills and I am proud of you.

    I think you should improve your poetic words and find new themes, not only ‘love’ but also other themes based on ‘life.’ I wish you good luck! and looking forward to reading new kavi from you!

    ReplyDelete