Friday, February 4, 2022

අලුත ගෙනා මනමාලි 4

 

 කවි කතාව




 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

පියතුම බොහොම අවිහින්සක පෙනුම         ගෙන
පසුවන අතර බිරිඳයි බලකනුව                   හෙන
ගෙදරද අපෙත් නැත වෙනසක් මෙයට         වෙන
නිරතුරු මවගෙ කීමට සැම දිනුම                දෙන


4 කොටස  

කොලුවද උසස් රැකියාවක නිරත                වනා
සැමදින ටයි පටිද පළඳා කොළඹ                 යනා
මෙවැනි වු තැනක් ලැබුනේ පෙර පිනට          විනා
එකඟයි මවගෙ තීරණයට සියළු                   දනා

මගෙ හද තුල සෙමෙන් ඇල්මක් මතු           කරන
      ඔහු සතු තේජසට ගත සලිතව                   තිබින     
විසිතුරු අනාගත සිහිනය හද                     දකින
විඳ තුටු වෙන්න කාලය ළඟ බව                හැඟින  

හැඩවැඩ වෙලා මංගල පෝරුව                 මතිනේ
වයමින රබන් ආසිරි චාමර                      සැලුනේ
ලොකු පොඩි සැමගෙ සැ'පැතුම් සෙනෙහස මැදිනේ
නැකතට නැන්ද මාමගෙ ගෙට ගොඩ         වැදුනේ

 හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත             සතුටයි
  මැදි කර සියලු කටයුතු ඉහලින                සපුරයි  
ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි          වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස            දනවයි


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 3 කොටසට 

👉 5 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. ඔන්ට කියෙව්වා...
    අප්පේ. වින්නැහියක්වත් වෙන්නද හදන්නේ...

    ReplyDelete
  2. මන් හිතාගෙන හිටියෙ මන්ගල මොහොතේ මොකක් හරි වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරය ට.
      හම්මේ නෑ යාන්තම් මඟුලේ වැඩ ඔක්කොම හරි. ඉස්සරහට තමා පරිස්සමින් ඉන්න වෙන්නේ. විවාහ ජිවිතේ ත් ලෙහෙසි පහසු දෙයක් යෑ.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.