කවි කතාව
කවි කතාව
පසුගිය කොටසෙන්.................
පියතුම බොහොම අවිහින්සක පෙනුම ගෙන
පසුවන අතර බිරිඳයි බලකනුව හෙන
ගෙදරද අපෙත් නැත වෙනසක් මෙයට වෙන
නිරතුරු මවගෙ කීමට සැම දිනුම දෙන
4 කොටස
කොලුවද උසස් රැකියාවක නිරත වනා
සැමදින ටයි පටිද පළඳා කොළඹ යනා
මෙවැනි වු තැනක් ලැබුනේ පෙර පිනට විනා
එකඟයි මවගෙ තීරණයට සියළු දනා
මගෙ හද තුල සෙමෙන් ඇල්මක් මතු කරන
ඔහු සතු තේජසට ගත සලිතව තිබින
විසිතුරු අනාගත සිහිනය හද දකින
විඳ තුටු වෙන්න කාලය ළඟ බව හැඟින
හැඩවැඩ වෙලා මංගල පෝරුව මතිනේ
වයමින රබන් ආසිරි චාමර සැලුනේ
ලොකු පොඩි සැමගෙ සැ'පැතුම් සෙනෙහස මැදිනේ
නැකතට නැන්ද මාමගෙ ගෙට ගොඩ වැදුනේ
හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත සතුටයි
මැදි කර සියලු කටයුතු ඉහලින සපුරයි
ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස දනවයි
මතු සම්බන්ධයි......
ඔන්ට කියෙව්වා...
ReplyDeleteඅප්පේ. වින්නැහියක්වත් වෙන්නද හදන්නේ...
බොහෝම ස්තූතියි.
Deleteඔන්න මඟුල ජයටම ගත්තා ඈ. 😊
හොඳ.....
Delete🙈
Deleteමන් හිතාගෙන හිටියෙ මන්ගල මොහොතේ මොකක් හරි වෙයිද කියල
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ප්රතිචාරය ට.
Deleteහම්මේ නෑ යාන්තම් මඟුලේ වැඩ ඔක්කොම හරි. ඉස්සරහට තමා පරිස්සමින් ඉන්න වෙන්නේ. විවාහ ජිවිතේ ත් ලෙහෙසි පහසු දෙයක් යෑ.