කවි කතාව
කවි කතාව
පසුගිය කොටසෙන්.................
හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත සතුටයි
මැදි කර සියලු කටයුතු ඉහලින සපුරයි
ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස දනවයි
5 කොටස
යුගදිවි අසිරි විඳ සතුටින ගත කෙරුවේ
සහකරු සමඟ තුරුළුව සිට ඉඟි මැරුවේ
දොළ ළඟ වඳුලෙ අත් පටලන සැරි සැරුවේ
සුසුමක දැවටි මුදු සෙනෙහස හද දැරුවේ
කවුළුව තුලින් එබිලා මගෙ නැන්දම්මා
හදවත දවාලන රළු බැල්මක් දැම්මා
ඉද හිට මවන එරවිල්ලත් නැත නිම්මා
දැනි හද සතුට එසැනින මගෙ විය සුම්මා
නැත නැන්දගේ මුහුණේ නම් කිසි පිරියක්
හරියට උඩින් ඇදුනා සේ ලොකු ලොරියක්
මට නම් බයයි බලනට ඒ මුව පොඩියක්
මෙලෙසට දිවිය ගත කෙරුමද කොඩි විනයක්
හිමිසඳ නැවත සේවෙට යා යුතුය කියා
අලුයම පිබිද ඔෆිසිය වෙත පිටව ගියා
දෙඅතෙහි රැඳුනු දුරකථනය පසෙක තියා
හනිකට දුන්නෙ පොත් කිහිපෙක නම්ද ලියා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
හ්ම්.. ලත් තැනම ලොප් වෙන පේම කතාවක් වෙයිඩ.
ReplyDeleteවෙන්ද වගේම ලස්සනට ලීල....
බොහෝම ස්තූතියි.
Deleteදන්නෙ නැහැ. අවසන් වෙනකම්ම ඉඳලා බලන්නකෝ.
අදයි ගොඩ වැදුනෙ! එළනේ!
ReplyDeleteබොහෝම ස්තූතියි. නැවතිලා ඉඳලා දිගටම බලලා අඩුපාඩු අතොත් කියන්නකෝ.
Deleteමරු ඈ. නියමෙටම ගලාගෙන යනවා. ප්‍රේම කතා බ්ලොග් අස්සේ ඕනතරම් තිබ්බත් කවි ප්‍රේම කතා නෑ නේ. ඉතින් මේක ටිකක් විශේෂයි නවත්තන්ඩ එපා ජය.
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ගුණ අගුණ කියන්න කෝ. ආසයි වැරදි හදාගෙනම ඉදිරියට යන්න.
Delete