Friday, February 11, 2022

අලුත ගෙනා මනමාලි 5


 කවි කතාව




 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

 හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත        සතුටයි
   මැදි කර සියලු කටයුතු ඉහලින           සපුරයි  
 ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි     වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස        දනවයි


5 කොටස  

යුගදිවි අසිරි විඳ සතුටින ගත       කෙරුවේ
සහකරු සමඟ තුරුළුව සිට ඉඟි      මැරුවේ
දොළ ළඟ වඳුලෙ අත් පටලන සැරි   සැරුවේ
සුසුමක දැවටි මුදු සෙනෙහස හද    දැරුවේ

කවුළුව තුලින් එබිලා මගෙ           නැන්දම්මා
හදවත දවාලන රළු බැල්මක්            දැම්මා
ඉද හිට මවන එරවිල්ලත්  නැත         නිම්මා
දැනි හද සතුට එසැනින මගෙ විය      සුම්මා

නැත නැන්දගේ මුහුණේ නම් කිසි        පිරියක්
හරියට උඩින් ඇදුනා සේ ලොකු       ලොරියක්
මට නම් බයයි බලනට ඒ මුව          පොඩියක්
මෙලෙසට දිවිය ගත කෙරුමද කොඩි විනයක්

හිමිසඳ නැවත සේවෙට යා යුතුය          කියා
අලුයම පිබිද ඔෆිසිය වෙත පිටව            ගියා
දෙඅතෙහි රැඳුනු දුරකථනය පසෙක       තියා
හනිකට දුන්නෙ පොත් කිහිපෙක නම්ද    ලියා

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 4 කොටසට  

👉 6 කොටසට  

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. හ්ම්.. ලත් තැනම ලොප් වෙන පේම කතාවක් වෙයිඩ.
    වෙන්ද වගේම ලස්සනට ලීල....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.
      දන්නෙ නැහැ. අවසන් වෙනකම්ම ඉඳලා බලන්නකෝ.

      Delete
  2. අදයි ගොඩ වැදුනෙ! එළනේ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. නැවතිලා ඉඳලා දිගටම බලලා අඩුපාඩු අතොත් කියන්නකෝ.

      Delete
  3. මරු ඈ. නියමෙටම ගලාගෙන යනවා. ප්‍රේම කතා බ්ලොග් අස්සේ ඕනතරම් තිබ්බත් කවි ප්‍රේම කතා නෑ නේ. ඉතින් මේක ටිකක් විශේෂයි නවත්තන්ඩ එපා ජය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ගුණ අගුණ කියන්න කෝ. ආසයි වැරදි හදාගෙනම ඉදිරියට යන්න.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.