කවි කතාව
1 කොටස
පිටිසර ගමකි මනරම් වෙල් එළි දිලෙන
සුපතල "හේනෙගම" යනුවෙනි නම දරන
ගොවිකම කිරීමෙනි බත සරි කර ගමින
සුව බර දිවි පෙවෙත හැඩ කරවන තුටින
කඩිසර කමයි හිමි උපතේ සිට ලෙයට
හිත හොද සුසිල්වත් බව සුරකියි යසට
එනමුදු තවත් පිරිසකි නොනැමෙන බසට
යහගුණ නසන වෛරය පතුරණ ලොවට
හරි හුරුබුහුටි කෙල්ලකි ඇය හේනෙගම
හඳුනයි කැකුළි ලෙස පියතුම ප්‍රාණසම
ටිකිරද කදිම කොල්ලෙකි එම ග්රාමයෙම
ගොවිතැන හුරුවු හපනෙකු නැත ඊටසම
දෙදෙන ගෙ අනඟි ජීවිතයේ රුවින ගෙතු
රස පෙම් පුවත ඔබ සැම දැන ගතම යුතු
ඇති සැටියෙන්ම මෙහිදී මම දකින තතු
ගෙන එමි ඔබට හොඳ හැටි රස විඳිනු මිතු
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
බොහොමත්ම ගැලපෙන සහ අර්ථවත් අයුරින් කවි කතාව පෙළගැස්ම ඉතාමත් මනහරයි .. අන්තර්ගතය අරුත විදහාලමින් නිර්මාණය ඉදිරිපත් කිරීම ඉතාමත් සතුටුදායකයි..
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි අපේ සර්ට. මම ගෞරවයෙන් ආරාධනා කරනවා දිගටම කතාව රස විඳින්න කියා.
Delete