Friday, September 10, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 1

 කවි කතාව


 

 1 කොටස

පිටිසර ගමකි  මනරම්  වෙල් එළි         දිලෙන
සුපතල "හේනෙගම" යනුවෙනි නම        දරන 
ගොවිකම කිරීමෙනි බත සරි කර          ගමින
සුව බර දිවි පෙවෙත හැඩ කරවන        තුටින

කඩිසර කමයි හිමි උපතේ සිට            ලෙයට
හිත හොද සුසිල්වත් බව සුරකියි          යසට
එනමුදු තවත් පිරිසකි නොනැමෙන       බසට
යහගුණ නසන වෛරය පතුරණ       ලොවට

හරි හුරුබුහුටි කෙල්ලකි ඇය         හේනෙගම
හඳුනයි කැකුළි ලෙස පියතුම           ප්‍රාණසම
ටිකිරද කදිම කොල්ලෙකි එම         ග්‍රාමයෙම
ගොවිතැන හුරුවු හපනෙකු නැත       ඊටසම

දෙදෙන ගෙ අනඟි  ජීවිතයේ රුවින       ගෙතු
රස පෙම් පුවත ඔබ සැම දැන ගතම      යුතු
ඇති සැටියෙන්ම මෙහිදී මම දකින         තතු
ගෙන එමි ඔබට හොඳ හැටි රස විඳිනු     මිතු

 මතු සම්බන්ධයි......


👉2 කොටසට 


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

2 comments:

  1. බොහොමත්ම ගැලපෙන සහ අර්ථවත් අයුරින් කවි කතාව පෙළගැස්ම ඉතාමත් මනහරයි .. අන්තර්ගතය අරුත විදහාලමින් නිර්මාණය ඉදිරිපත් කිරීම ඉතාමත් සතුටුදායකයි..

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි අපේ සර්ට. මම ගෞරවයෙන් ආරාධනා කරනවා දිගටම කතාව රස විඳින්න කියා.

      Delete