Saturday, May 23, 2026

දියණිට සුබ උපන්දිනයක් වේවා - (ශනිදා දහයට)

දිවිමන් තලාවට නව අරුතක්              කැන්දු
හැඟුමන් කැටිවු මව් සෙනෙහෙට නම   රැන්දු
පැතුමන් තුළට බර දී හදවත               බැන්දු
මුතුවන් දෙනෙත දුනි දිවියට අම           බින්දු

දියණිය අපේ නිවසට පායපු                තරුව
පුදදුණි හදේ සෙනෙහස සැමටම          ගරුව
විසිරුණි දැනුන සෝ දුක කඳුළක         දැරුව
ලැබදුනි සවිය පැදයන්නට දිවි              ඔරුව
 
මේ දිවි ගමන අප ගෙවනා රඟ           හලකි
ඒ මත රඟන ඔබ මැව්වේ රස             ගුලකි
රෑ කළ අඹර මත දිදුළන පුන්              සඳකි
මා ලද මහඟු සම්පත මගෙ දුව           මලකි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

8 comments:

  1. දැනුන සතුට එලෙසම රැඳේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට. ඔබගේ පැමිණීම ත් සතුටට කාරණයක් තමා ඕං.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තූතියි. මගේ සිතිවිලි නිවහනට පිවිස කවි රස විඳ සටහනක් තබා ගියාට.

      Delete
  3. මගේ දුවල දෙන්නම මගේ තරු දෙක . ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොහොයුර. ඔව් අපේ දරුවෝ අපිට අගෙයි. මට ඉන්නෙ එකම තරුවයි.

      Delete
  4. කවි උල්පතක් ඔබ කිසිදක නොසිඳෙන!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොහොයුර. මගේ සිතිවිලි නිවහනට පිවිස කවි රස විඳ සටහනක් තබා ගියාට.

      Delete