දිවිමන් තලාවට නව අරුතක් කැන්දු
හැඟුමන් කැටිවු මව් සෙනෙහෙට නම රැන්දු
පැතුමන් තුළට බර දී හදවත බැන්දු
මුතුවන් දෙනෙත දුනි දිවියට අම බින්දු
දියණිය අපේ නිවසට පායපු තරුව
පුදදුණි හදේ සෙනෙහස සැමටම ගරුව
විසිරුණි දැනුන සෝ දුක කඳුළක දැරුව
ලැබදුනි සවිය පැදයන්නට දිවි ඔරුව
මේ දිවි ගමන අප ගෙවනා රඟ හලකි
ඒ මත රඟන ඔබ මැව්වේ රස ගුලකි
රෑ කළ අඹර මත දිදුළන පුන් සඳකි
මා ලද මහඟු සම්පත මගෙ දුව මලකි
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
දැනුන සතුට එලෙසම රැඳේවා!
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට. ඔබගේ පැමිණීම ත් සතුටට කාරණයක් තමා ඕං.
Deleteනියමයි.👌
ReplyDeleteබොහෝම ස්තූතියි. මගේ සිතිවිලි නිවහනට පිවිස කවි රස විඳ සටහනක් තබා ගියාට.
Deleteමගේ දුවල දෙන්නම මගේ තරු දෙක . ස්තූතියි
ReplyDeleteබොහෝම ස්තූතියි සොහොයුර. ඔව් අපේ දරුවෝ අපිට අගෙයි. මට ඉන්නෙ එකම තරුවයි.
Deleteකවි උල්පතක් ඔබ කිසිදක නොසිඳෙන!
ReplyDeleteබොහෝම ස්තූතියි සොහොයුර. මගේ සිතිවිලි නිවහනට පිවිස කවි රස විඳ සටහනක් තබා ගියාට.
Delete